ඒ මහතා මෙම අදහස් දැක්වූයේ 9 වෙනි ජාතික බාලදක්‍ෂ ජම්බෝරියට සහ යාපනය දිස්ති‍්‍රක් බාලදක්‍ෂ ශත සංවත්සර උත්සවයට සහභාගීවෙමින් යාපනය මධ්‍ය විදුහල් කී‍්‍රඩාංගනයේ දී පැවැති උත්සව සභාව අමතමින්ය.
මෙහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, ශී‍්‍ර ලංකාවේ පාසල් දරුවන්ගෙන් විශාල පිරිසක් කිසිදු බේදයකින් තොරව බාලදක්‍ෂ ව්‍යාපාරය සම්බන්ධව එකා මෙන් කටයුතු කිරීම සැමගේ ගෞරවයට ලක්විය යුතුය. බාලදක්‍ෂ ව්‍යාපාරය තුළින් තරුණ පිරිස ආගමික, ජාතික, සංස්කෘතික සංහිදියාව පිළිබදව විශිෂ්ඨ අවබෝධයක් බාලදක්‍ෂ ව්‍යාපාරය තුලින් ලැබීම ප‍්‍රශංසනීය කටයුත්තකි. විශේෂයෙන් අප තුළ ගොඩ නැගෙන විවිධ ගැටළු හා ප‍්‍රශ්ණ වලට ඉතා යහපත් විසදුම් මේ තුලින් ලැබීමද බාලදක්‍ෂ ව්‍යාපාරයේ සුවිශේෂී ගුණාංගයක් ලෙස දැක්විය හැකිය.
එසේම දරුවන්ගේ කුසලතා ප‍්‍රවර්ධනයටත්, දක්‍ෂතා ගොඩනගා ගැනීමටත් තෝතැන්නක් බවට බාලදක්‍ෂ ව්‍යාපාරය අද පත්ව ඇතැයි වැඩි දුරටත් අදහස් දැක්වූ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.
AP