ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මාර්තු 10 දා පැවැත්විමට නියමිත මෙම උත්සවය සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු සංවිධානය කිරිමේ අරමුණින් විශේෂ සාකච්ඡාවක් උතුරුමැද පලාත් ප්‍රධාන ලේකම් කේ.ඒ .තිලකරත්න සහ අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ඩී.පී.ජී. කුමාරසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් උතුරු මැද පලාත් සභා ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
"වකුගඩු රෝගය සහ ළමුන්" මෙවර වකුගඩු ජාත්‍යන්තර දිනයේ තේමාව වන අතර රෝග නිවාරණය සම්බන්ධයෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ සියලුම පාසල් වල නව වන ශ්‍රේණියේ සිට දහ තුන්වන ශ්‍රේණිය දක්වා ඉගෙනුම ලබන සිසුන් දැනුවත් කිරිම සිදු කෙරේ.
මෙම උත්සවය දැනුවත් කිරිමේ වැඩමුළුවක් සහ වකුගඩු රෝග නිවාරණයට සම්බන්ධ ලිපි ඇතුලත් “සුවය ,, සගරාවේ විශේෂ කලාපය එලිදැක්වීම , ප්‍රති ආශ්‍රැතිකරණ ජල පද්ධති මගින් ලැබෙන ජලයේ සංයුතිය හා එහි ප්‍රමිති ඇතුලත් අත් පොත නිකුත් කිරිම සහ විශේෂ සංගීත වැඩසටහනකින් සමන්විත වේ.
වකුගඩු රෝග අරමුදල සදහා පරිත්‍යාගශීලින්ගේ ප්‍රදානයන් ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීම , වකුගඩු රෝගීන්ට නවාතැන් පහසුකම් සලසා ගැනිම සදහා අනුරාධපුර ශික්ෂණ රෝහල ආශ්‍රිතව ඉදිකිරිමට යෝජිත නේවාසිකාගාරය සදහා මුල්‍ය පරිත්‍යාග කිරිම හා පදවිය ප්‍රදේශයේ ප්‍රති ආශ්‍රැතිකරණ ජල පද්ධතියක් ඉදිකිරිම සදහා සිංගප්පුරුවේ පෞද්ගලික සමාගමක් විසින් මුල්‍ය පරිත්‍යාග කිරිමත් මෙදින සිදුකිරිමට නියමිතය.
මීට අමතරව වකුගඩු රෝගයෙන් මියගිය මව හෝ පියා අහිමි උසස් පෙළ හදාරණ ශීෂ්‍ය ශිෂ්‍යාවන් සදහා ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ ව්‍යාපෘතියක් පිළිබදව ද කරුණු අධ්‍යයනය කිරිමට මෙම රැස්විමේ දි තීරණය කෙරිණි.
AP/DMU-Anuradhapura