බාල දක්ෂ ප්රධාන කොමසාරිස් මහාචාර්ය නිමල්ද සිල්වා මහතාගේ ප්රධානත්වයෙන් මෙම පදක්කම් පැලදවීම සිදු කෙරුණු
අතර ශ්රී ලංකා බාල දක්ෂ ඉතිහාසයේ එකවර වැඩිපුරම ලී පදක්කම් ප්රමාණයක් හිමිවු අවස්ථාව මෙයයි.
බාලදක්ෂ ආචාර්යවරයකු ලබන ඉහළම සම්මාන වලින් එකකි මේ ලී සම්මානය.
බාල දක්ෂ මුලස්ථානයේ ජාතික පුහුණු කිරීමේ කොමසාරිස් සරත් ගොඩකන්ද ආරච්චි, ජාතික පුහුණු කිරීමේ මණ්ඩලයේ ලේකම් සිරිසේන ද සිල්වා යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එක්විය.