පසුගිය කන්නයේ දී වී අලෙවි මණ්ඩලය හරහා වී මෙට්‍රික් ටොන් 9,532 ක් මිලදී ගෙන ඇති අතර මෙවරද පසුගිය කන්නයේ වී මිලදී ගත් ස්ථාන 23 දීම මිලදී ගන්නා අතර නාඩු වී කිලෝවක් රුපියල් 38 ක මිලකට ද සම්බා වී කිලෝවක් රුපියල් 41 ක ටද කීර සම්බා වී කිලෝවක් රුපියල් 50 ක මිලකටද මිලදී ගැනේ.
වී අලෙවි කිරීමට අවශ්‍ය තොරතුරු පත්‍රිකාව මෙම කන්නයේ වී ලබා ගන්නා ගබඩාවෙන් නිකුත් කරන අතර වී රැගෙන ඒමට දිනයක් වෙන් කරවා ගෙන කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාරවරුන්ගේ නිර්දේශයෙන් වී අලෙවියට රැගෙන ආ යුතු බවද නිශ්ශංක මහතා පැවසීය.
මේ යටතේ එක් ගොවියෙකුගෙන් වී කිලෝ 2,000 ක් මිලට ගැනේ. ගොවීන් සදහා මුදල් මහජන බැංකු හා ලංකා බැංකු වෙත චෙක්පත් මගින් ලබා දීමට නියමිතය.
AP/DMU-Kurunegala