දුම්රිය මඟී ජනතාවගේ ඉල්ලීම පරිදි දුම්රිය සාමාන්‍යාධිකාරී බී. ඒ. පී. ආරියරත්න මහතාගේ උපදෙස් මත අද (23) මරදාන දුම්රිය ස්ථානයේ සිට ප.ව. 04.55ට හික්කඩුව දුරම්රිය ස්ථානය දක්වා ධාවනය වන සීඝ්‍රගාමී දුම්රිය පරිදි ප.ව. 6.33ට අහුන්ගල්ල දුම්රිය ස්ථානයේ නවත්වා හික්කඩුව ලබා ධාවනය කෙරේ.
එම දුම්රිය ගමනාන්තයට ළඟාවීමට නියමිත වන්නේ ප.ව. 7.00ට යි.
මෙම දුම්රිය හික්කඩුව සිට මරදාන බලා ධාවනය වීමේ දී ද අහුන්ගල්ල දුම්රිය ස්ථානයේ නැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබෙන බව ශ්‍රී ලංකා දුම්රිය සේවය වැඩිදුරටත් සඳහන් කරයි.