නිකුත් කළ නිවේදනයේ මෙසේද සඳහන් වෙයි.
සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා වාර්ෂික ශරීර පරීක්ෂාව සඳහා ලංකා රෝහල වෙත ගිය අතර, එහිදී සුළු අසනීප තත්ත්වයක් පිළිබදව වාර්තා වී තිබුණි.
තම පවුලේ සාමාජිකයින්ගේ සහ තම මිතුරන්ගේ දැඩි ඉල්ලීම පිට වැඩිදුර වෛද්‍ය පරික්ෂණ සදහා යොමුවීමට ගරු සෞඛ්‍ය අමාත්‍යතුමා අදහස් කරන ලද අතර, ඉන්දිවේ පැවැත්වෙන විශේෂ උත්සවයක් සදහා මෙම මස 22 පිටත්ව යාමට තිබුනත්, සිය දෙමාපියන්, අතිගරු ජනාධිපතිතුමන් හා අගමැතිතුමන් විසින් මෙම අසනීප තත්ත්වය පිළිබද වැඩිදුර පරීක්ෂා කර බලන ලෙස ගරු සෞඛ්‍ය අමාත්‍යතුමා වෙත උපදෙස් ලබා දී ඇති අතර, එබැවින් එම වෛද්‍ය පරීක්ෂණ කටයුතු සදහා පසුගිය (19) දින ගරු සෞඛ්‍ය අමාත්‍යතුමා සිංගප්පුරුව බලා පිටත්ව යන ලදි.
මේ වන විට සෞඛ්‍ය අමාත්‍යතුමාගේ සෞඛ්‍ය තත්ත්වය ඉතාම සාමාන්‍ය අතර, නොයෙකුත් කටකතා පැතිරුන ද එවායේ කිසිදු සත්‍යතාවයක් නැත.
(21) දිනයේ දීත් වෛද්‍ය පරික්ෂණ කිහිපයක් සිදු කිරිමට නියමිත අතර, සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා මේ වනවිට යහපත් සෞඛ්‍ය තත්ත්වයේ සිටියි''යැයි නිවේදනයේ සඳහන් වෙයි.