නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොහොර සහනාධාරය බෙදා දීමේදී ඒ.ටී.එම් කාඩ් ප්‍රයෝජනයට ගැනෙයි.

    පෙබරවාරි 20, 2016
    පොහොර සහනාධාරය වඩාත් ක්‍රමවත් අයුරින් ගොවි ජනයා අතට පත් කිරිමේ අරමුණින් වත්මන් රජය මගින් ක්‍රියාත්මක වැඩසටහන යටතේ ගොවි ජනතාව වෙත ඒ.ටී.එම් බැංකු කාඩ්පත් ලබා දීමට කටයුතු යොදා ඇති බව සහකාර අධ්‍යක්ෂ (පොහොර) එම්.එම්.එස්.සේනාරත්න මහතා පවසයි. 
    බැංකු ගණුදෙනු වලදී ගොවි ජනයාට අපහසුවකින් තොරව තම පොහොර සහනාධාරය ලබා ගැනීමට අවකාශ සැලසීමේ අරමුණින් මෙම තීරණය ක්‍රියාත්මක කරන බවද ඔහු වැඩි දුරටත් පවසයි. අධ්‍යක්ෂවරයා මෙම අදහස් පළ කළේ මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේ පැවති දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදීය.
     
    පොහොර සහනාධාරය ලබාදීම සදහා වත්මන් රජය ගෙන යන වැඩපිළිවෙල අනුව යල සහ මහ කන්න දෙක සදහා හෙක්ටයාර් දෙකක උපරිමයකට යටත්ව රුපියල් 50,000 ක මුදලක් ලබා දීමට කටයුතු යොදා තිබේ. මෙම මුදල කන්න දෙකේදී රුපියල් 25,000 බැගින් වෙන් වෙන්ම ලබා දීමට නියමිත අතර, ඒ සදහා මහජන බැකුව සහ ලංකා බැංකුව ද සම්බන්ධ වී සිටියි. ඒ අනුව රජය මගින් ගොවින්ගේ පොහොර සහනාධාර මුදල ගොවි මහතුන්ගේ ගිණුම් වලට බැරවන ලෙස එම බැංකුවලට ලබා දෙන අතර,  ඒ.ටී.එම් කාඩ්පත් මගින් හෝ තමන් කැමති ක්‍රමවේදයකින් එය ලබා ගත හැකිය.
     
    සහනාධාර ප්‍රතිලාභ ලබන සෑම ගොවියෙකුම අනිවාර්යෙන් ක්ෂේත්‍ර පොතක් භාවිතා කළ යුතු අතර, එම පොතේ වගා කරන බෝගය, වගාවේ ප්‍රමාණය සහ ගොවීන්ගේ ක්ෂේත්‍ර ක්‍රියාකාරකම් ආදිය ඇතුලත් කළ යුතුය.  එම ක්ෂේත්‍ර පොත කෘෂිකරම් පර්යේෂණ නිලධාරී සහ කෘෂි උපදේශකගේ පරික්ෂාවට ලක් වන අතර, ඔවුන්ගේ නිර්දේශ මත පොහොර කමිටුව වෙත යවනු ලැබේ. ඒ තුළින් ගොවියාගේ ඵලදායිතාවය පිළිබදවද සියළු තොරතුරු නිරීක්ෂණය කිරීමටද හැකියාව ලැබෙන බවද සහකාර අධ්‍යක්සවරයා පැවසීය. 
     
    මෙම වැඩසටහන යටතේ ගොවිජනයා වෙනුවෙන් වගා රක්ෂණ ක්‍රමයක්ද හදුන්වා දී ඇති බව ද  පෙන්වා දුන් සහකාර අධ්‍යක්ෂවරයා, හදිසියේ සිදුවන වගා හානියකදී ඒ තුලින් ගොවියාට වන්දි මුදලක් ගෙවීමටද හැකියාව ලැබෙන බව පැවසීය. තමන්ට ලැබෙන සහනාධාර මුදල යොදවා ගොවිජනසේවා මධ්‍යස්ථාන වලින් හෝ තමන් කැමති පෞද්ගලික වෙළද ආයතනයකින් පොහොර මිළදී ගැනීමට හැකියාව ඇති බැවින් රස්තියාදුවකින් තොරව පොහොර ලබා ගැනීමටද මේ මගින් ගොවියාට හැකියාව ලැබෙනු ඇති බව ඔහු වැඩි දුරටත් පැවසීය.
     
    උසස් අධ්‍යාපන සහ මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල, සමාජ සවිබල ගැන්වීම හා සුබසාධන අමාත්‍ය එස්.බී. දිසානායක, මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක යන මහත්වරු ඇතුළු මහජන නියෝජතියන් රැසක් සහ මහනුවර දිසාපති එච්.එම්.පී. හිටිසේකර මහතා ඇකුළු රජයේ නිලධාරින් රැසක්ද මෙම අවස්ථාව සදහා සහභාගී වූහ.
     
    AP/DMU-Kandy
     
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya