අමාත්‍යවරයා මෙසේ පැවසුවේ ඊයේ ( 17 දා) මන්නාරම පේසාලේ ප්‍රදේශයේ අලුතින් ඉදිකල 310 වන ලංකා සතොස ශාඛාව ජනතා අයිතියට පත්කරමිනි.
මෙහිදී රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා පැවසුවේ, මේ වන විට සතොස ශාඛා ජාලය කඩිනමින් ව්‍යාප්ත කිරීමට අවශ්‍ය කටයුතු සිදුකර ඇති බවත් මෙම සතොස ශාඛා සියල්ලම පරිඝණක ගතකිරීමට අවශ්‍ය කටයුතු මේ වනවිට සිදුකරමින් පවතින බවත් ය. වඩාත් කාර්යක්ෂම සේවාවක් පාරිභෝගිකයන්ට ලබා දීම තම අමාත්‍යාංශයේ අපේක්ෂාව වන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
පේසාලේ නව සතොස ජනතා අයිතියට පත්කිරීමේ මෙම අවස්ථාවට සතොස සභාපති ආචාර්ය රොහාන්ත අතුකෝරල, වන්නි පළාත් සභා මන්ත්‍රී රිෆ්කාන් බදියුදීන්, අමාත්‍යංශ නිලධාරීන් ඇතුඵ විශාල පිරිසක් සහභාගි වූහ.
AP