විවාහක රූ රැජිණ ලෙස තිදෙනකු තෝරා ගැනීම එහිදී සිදු විය. ඔවුන් තිදෙනා ලෝක විවාහක රූ රැජිණ තේරීමේ ආසියාවේ හා චීනයේ පැවැත්වෙන තරඟාවලි තුනක් වෙත යොමු කිරීම අරමුණ වේ.
2016 ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ ලෙස තේරී පත්වූයේ නර්මදා යාපා අබේවර්ධන, හිමාලි ගුණවර්ධන, ලක්මාලි මලුදුගම යන මහත්මීන් වූ අතර ඔවුන් වෙත කිරුළ පැළදවීම සිදුකළේ, 2015 ලෝක විවාහක රූ රැජිණ ලෙස කිරුළ පැළද සිටින මරීනා ඇලෙක්ස්සිචික් (Marina Alekscychik) මහත්මිය විසිනි.
ශ්‍රී ලංකා විවාහක රූ රැජිණියන් ලෙස තේරී පත් වූ ශ්‍රී ලංකාව නියෝජනය කරන නර්මදා යාපා අබේවර්ධන, හිමාලි ගුණවර්ධන, ලක්මාලි මලුදුගම වෙත පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා විසින් සුබපැතුම් පිරිනැමීය.
මෙම තරගය සංවිධානය කර තිබුණේ ප්‍රවීන නිරූපණ ශිල්පිනියන් වන රොසෑන් ඩයස් සහ වාසනා දන්තනාරායන විසිනි.මෙම අවස්ථාව සදහා රූපවාහිනී සංස්ථාවේ සභාපති රවී ජයවර්ධන මහතා ද එක්වීය.