නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නිසි ප්‍රතිඵල ලැබිය හක්කේ හැකියාවන් සහිත කාන්තාවන් දේශපාලනයට පැමිණීමෙන් පමණයි- අමාත්‍ය ෆයිසර් මුස්තෆා

    පෙබරවාරි 18, 2016

    නිසි ප්‍රතිඵල ලබිය හැක්කේ හැකියාවන් සහිත කාන්තාවන් දේශපාලනයට පමිණීමෙන් පමණක් බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය, ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තෆා මහතා පවසයි.

    හැකියාවන් සහිත කාන්තාවන් දේශපාලනයට ගෙනඒමට දේශපාලඥයින්ට සහ දේශපාලන පක්ෂවලට වගකීමක් ඇති බවද අමාත්‍යවරයා පවසයි.

     

    පළාත් පාලන ආයතනවල කාන්තා නියෝජනය වැඩිකිරීම පිළිබඳව අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් කොළඹ පැවැති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර තිබේ.


    පළාත් පාලන ආයතනවලට කාන්තා නියෝජනය වැඩි කිරීම සඳහා පනතක් ඉදිරිපත් කිරීම මඟින් පෙනීයන්නේ මෙරට දේශපාලනයේ කාන්තා නියෝජනය ප්‍රමාණවත් නොවන බවයි.

     

    සියයට 52%ක් කාන්තාවන් සිටින රටක දේශපාලනයට පිවිස තිබෙන්නේ කාන්තාවන් සියයට 5%ක් පම්ණයි. ආසියාතික රටවල සියයට 30%කට වඩා කාන්තාවන් දේශපාලනය කරනවා.

     

    මේ පනත මඟින් යෝජන කර තිබෙන්නේ ජාතික ලැයිස්තුවක් වැනි ක්‍රමවේදයකට සියයට 25%ක් ඇතුළත් කර ගැනීමටයි. කාන්තා දේශපාලන නායිකාවන් බිහිකළ යුතුයි.සමානුපාතික මැතිවරණ ක්‍රමය මඟින් කාන්තාවන්ට දේශපාලනයට පමිණීමට තිබෙන හැකියාව අඩුයි. ඒ නිසා මෙය සමාජ ප්‍රශ්නයක් ලෙස බලා කටයුතු කළ යුතු බවද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya