රටේ වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (17) පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී අමාත්‍යවරයා මේ බව පැවසීය.
යුද අපරාධ සම්බන්ධයෙන් ඔවුන්ට ප්‍රශ්න නොමැති බවත්, මානව හිමිකම් කඩකිරීම් පිළිබඳ ජිනීවා යෝජනාවේ සඳහන් දේවල් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ රජය ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව අවධානය යොමු කරන බව මානව හිමිකම් කොමසාරිස්වරයා ශ්‍රී ලංකාවට පැමිණිමෙන් පසු ප්‍රකාශ කළ බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
යුද්ධය මුවාවෙන් රටේ හමුදාව ලෝකයේ අපවාදයට ලක්වන ආකාරයෙන් ක්‍රියා කළ පුද්ගලයන් සිටී නම් ඒ පිළිබඳව ශ්‍රී ලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන බව ජනාධිපතිතුමා මෙරටට පැමිනි සෑම රාජ්‍ය නායකයෙකුටම ප්‍රකාශ කළ බව අමාත්‍යවරයා සඳහන් කළේය.
නමුත් බොහෝ දෙනා පෙත්සම් අත්සන් කරමින් හමුදාව වෙනත් තත්ත්වයකට පත් කිරීමට උත්සාහ ගන්නා බවත් හමුදාවේ විවිධ අංශයන්ට රජය කෙරෙහි විශ්වාසයක් නැති කිරීමට උත්හසාහ ගන්නා බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
රජය රණවිරුවන්ව ආරක්ෂා කරන්‍නේ නැති බවට වැරදි මතයක් රටේ සාමාන්‍ය ජනතාව අතරට ගෙනයාමට මෙම පිරිස උත්සාහ ගන්නා බව ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
ජාතික ඒකාබද්ධතා සහ ප්‍රතිසන්ධාන අමාත්‍ය ඒ. එච්. එම්. ෆවුසි මහතා, උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න මහතා සහ හිටපු අමාත්‍ය පණ්ඩු බණ්ඩාරනායක මහතා ද මෙම අවස්ථාවට සහභාගී වූහ.