මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ව්‍යවස්ථා සම්පාදන‍යේදී ජනමාධ්‍යවේදීන්ගේ අදහස් වැදගත් - ජනමාධ්‍ය ඇමැති

    පෙබරවාරි 17, 2016

    ‍යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදනය සිදුවිය යුතු ආකාරය පිළිබඳව ජනමාධ‍වේදීන්‍‍ගේ අදහස් ලබාගැනීම ඉතා වැදගත් වන බව පාර්ලි‍මේන්තු ප්‍රතිසංස්කරණ හා ජනාමධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා‍ පවසයි.

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය පිළිබඳ මාධ්‍ය‍වේදීන් දැනුවත් කිරී‍ම සඳහා ඊයේ (16) ‍කොළඹ විසුම්පා‍යේ දී පැවති වි‍ශේෂ සම්මන්ත්‍රණයට සහභාගී ‍වෙමින් අමාත්‍යවරයා ‍මේ බව පැවසීය.

    ජනමාධ්‍යවේදීන් ‍මේ ර‍ටේ ඉතා වැදගත් පිරිසක්. ඔවුන් ර‍ටේ සිව්වන ආණ්ඩුවයි. ජනමාධ්‍යවේදීන් යනු උගත් බුද්ධිමත් සහ ඉතා නිවැරදි දැක්මකින් යුත් ‍‍බොහෝ ‍දෙනා ‍නොදකින පැති දකින්නා වූ පිරිසකි. එබැවින් යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පාදන කළයුතු ආකාරය පිළිබඳව ජනමාධ්‍යවේදීන්‍‍ගේ අදහස් ලබාගැනීම ඉතා වැදගත් බව අගමැතිතුමාට තමන් විසින් ‍යෝජනා කළ බව අමාත්‍යවරයා ‍මෙහි දී පැවසීය.

    ව්‍යවස්ථා සං‍ශෝධනය සඳහා ජනමාධ්‍යවේදීන්‍‍ගේ අදහස් ලබාගැනීමට අග්‍රාමාත්‍යතුමා එකඟතාවය පළ කිරී‍මෙන් අනුතුරුව ජනමාධ්‍යවේදීන් ‍වෙනු‍වෙන් වි‍ශේෂ දැනුවත් කිරී‍මේ වැඩමුළුවක් සංවිධානය ක‍‍ළේ ව්‍යවස්ථා සම්පාදනය පිළිබඳව ජනමාධ්‍යවේදීන්ගේ අවංක හා විවෘත අදහස් ලබාගැනීම සඳහා බව ද අමාත්‍යවරයා ‍පෙන්වා දුන්නේය.

    නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා‍වක් සම්පාදනය කිරීම සම්බන්ධ‍යෙන් ජනතාව විශාල උනන්දුවක් දක්වන බව ‍පෙනී යයි. නමුත් ඇතැම් පාර්ශවයන් ‍මේ පිළිබඳව බිල්‍‍ලෙක් මැවීමට උත්සාහ ගනිති. වි‍දේශයන්ට අවශ්‍ය ‍ලෙස ව්‍යවස්ථාව සකස් කරනවා, බුදු දහම විනාශ කරනවා වැනි විවිධ මිථ්‍යාවන් ප්‍රචාරය කරති. නමුත් ජනාධිපතිතුමා වි‍දේශ රටවලට අවශ්‍ය ‍ලෙස අ‍පේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් ‍නොකරන බව පැහැදිලිව ප්‍රකාෂ කරන ලදි.

    රටක ආණ්ඩුක්‍රම ව්‍යස්ථාව ඉතාම වැදගත්. එය ර‍ටේ මූලික ලියවිල්ලයි. එය ක්ෂණිකව සකස් කළ ‍නොහැක. නමුත් අප සියලු ‍දෙනා‍ගේ සහභාගීත්ව‍යෙන්, විනිවිද භාව‍යෙන් යුතුව එය සකස් කළ යුතුයි. ‍මේ සඳහා සියලුම ජනතාවගේ අදහස් ලබා‍ගෙනයි නව ව්‍යස්ථාව ‍‍කෙටුම්පත් කරන්‍‍නේ යයි ද අමාත්‍යවරයා වැඩිදුරටත් ‍සඳහන් ක‍ළේය.

    පාර්ලි‍මේන්තු ප්‍රතිසංස්කරණ හා ජනාමධ්‍ය නි‍යෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා, පාර්ලි‍මේන්තු ප්‍රතිසංස්කරණ හා ජනාමධ්‍ය අමාත්‍යංශ ‍ලේකම් වජිර නාරම්පනාව මහතා, රජ‍යේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය දර්ශනී ගුණතිලක මහත්මිය සහ ‍දිවයින පුරා විසිරී සිටින ජනමාධ්‍යවේදීන් රැසක් ‍මෙම අවස්ථවාට සහභාගී වි සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya