අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තංගල්ල අන්ධ විද්‍යාලයේ සියලු සිසු සිසුවියන්ට බ්‍රේල් ලැප්ටොප් පරිගණකයක් සමඟ ශිෂ්‍යත්වයක්

    පෙබරවාරි 17, 2016
    සැණකෙළි හෝ බාල් නැටීමකින් තොරව ලැබෙන සෑම සතයක්ම ප්‍රදේශයේ සංවර්ධනයට ,මහජන යහපතට මෙන්ම අධ්‍යාපනය වෙනුවෙන්ම වැය කරන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය, දිලිප් වෙදආරච්චි මහතා අවධාරණය කළේය.
    අමාත්‍යවරයා මේ බව කියා සිටියේ තංගල්ල අන්ධ විද්‍යාලයෙන් විශ්ව විද්‍යාල ප්‍රවේශය හිමි කරගත් සියලු සිසු සිසුවියන්ට බ්‍රේල් ක්‍රමයට පරිශීලනය කල හැකි ලැප්ටොප් පරිගණක හා ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම නිමිත්තෙන් එම අන්ධ විද්‍යාල ශාලාවේදී පැවති උත්සවයේදීය.
     
    2015 අ.පො.ස. උ/පෙළ විභාගයට එම අන්ධ විද්‍යාලයෙන් පෙනී සිටි සිසු සිසුවියන් සංඛ්‍යාව 8 දෙනෙකි. ඔවුන් සියලු දෙනාම ඉතා විශිෂ්ඨ ලෙස උ/පෙළ විභාගය සමත්ව  විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලැබුහ. 1976 ජනවාරි මස 5 වන දින ස්ථාපිත කර ඇති මෙම අන්ධ විද්‍යාලයෙන් මේ වනවිට විශ්ව විද්‍යාල අධ්‍යාපනය සඳහා සුදුසුකම් ලබා ඇති සංඛ්‍යාව 72 කි. ඔවුන්ගෙන් 52 ක් පමණ විශ්ව විද්‍යාල අධ්‍යාපනය අවසන් කර විවිධ වෘත්තීන් වල නිරතව සිටින අතර සෙසු අය තවමත් විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබමින් සිටිති.
     
    මෙම පරිගණක හා ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවයේදී  අමාත්‍යවරයා කියා සිටියේ 1991 වසරේ පාලනයට පිවිසි තමාගේ දේශපාලන ජිවීතයේ තෘප්තිමත්ම හා වාසනාවන්තම දිනය මෙම අන්ධ දරුවන්ට පරිගණක හා ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ අවස්ථාව බවය.
     
    අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේ තංගල්ල අන්ධ විද්‍යාලයෙන් විශ්ව විද්‍යාල අධ්‍යාපනය සඳහා සුදුසුකම් ලබන සෑම සිසු සිසුවියකටම තමා ජීවත්ව සිටින තුරු පරිගණක අඛණ්ඩව ලබා දෙන බවත් අන්ධ විද්‍යාලයේ පහසුකම් සංවර්ධනය හා අධ්‍යාපනයට අවශ්‍ය සම්පත් ලබා දීම සඳහා සෑම පියවරක්ම ගන්නා බවයි.
     
    මෙම බ්‍රේල් ලැප්ටොප් සඳහා Global Life Style ආයතනය අනුග්‍රහය දැක්වූ අතර ශිෂ්‍යත්ව සඳහා Nation trust බැංකුව අනුග්‍රහය දැක්විය.
     
    AP
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya