අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය ගැන මාධ්‍යවේදීන් දැනුවත් ‍කෙ‍රේ

    පෙබරවාරි 17, 2016

    ‍යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය පිළිබඳ මාධ්‍ය‍වේදීන් දැනුවත් කිරී‍මේ වි‍ශේෂ සම්මන්ත්‍රණය ඊයේ (16) ‍කොළඹ විසුම්පා‍යේ දී පාර්ලි‍මේන්තු ප්‍රතිසංස්කරණ හා ජනාමධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා‍ගේ ප්‍රධානත්ව‍යෙන් පැවැත්විණි.

    ‍මෙහි දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ‍යේ කාලීන අවශ්‍යතාවය පිළිබඳව ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා ජනමාධ්‍යවේදීන් දැනුවත් කළ අතර ‍යෝජිත ආණුඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය ර‍ටේ ඉදිරි ගමනට ඉවහල් වන්‍‍නේ ‍කෙ‍සේ ද යන්න පිළිබඳව නීතීඥ ‍ජේ. සී. වැලිඅමුණ මහතා විසින් ජනමාධ්‍යවේදීන් දැනුවත් කරන ලදි.

     

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සං‍ශෝධනය පිළිබඳව පවතින ගැටළු ඉදිරිපත් කිරීමට හා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳව තමන්ගේ අදහස් හා ‍යෝජනා ඉදිරිපත්කිරීමට ජනමාධ්‍යවේදීන්ට ‍මෙහි දී අවස්ථාව ලබා දුන්නේය.

     

    පාර්ලි‍මේන්තු ප්‍රතිසංස්කරණ හා ජනාමධ්‍ය නි‍යෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා, පාර්ලි‍මේන්තු ප්‍රතිසංස්කරණ හා ජනාමධ්‍ය අමාත්‍යංශ ‍ලේකම් වජිර නාරම්පනාව මහතා, රජ‍යේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දර්ශනී ගුණතිලක මහත්මිය සහ ‍දිවයින පුරා විසිරී සිටින ජනමාධ්‍යවේදීන් රැසක් ‍මෙම අවස්ථවාට සහභාගී වි සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya