අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඖෂධ මාෆියාව නැති කිරීමට තවදුරටත් සටන් වදිනවා- සෞඛ්‍ය ඇමති

    පෙබරවාරි 17, 2016

    ඖෂධ මාෆියාව නැති කිරීමට තමන් තවදුරටත් සටන් වදිනවා.ඖෂධ හිඟයක් පිළිබඳව මාධ්‍යයට වැරදි තොරතුරු ලබාදුන් පුද්ගලයන් සෙවීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දුන් බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

    ලාදුරු රෝගී දරුවන් තවත් නොමැති - ලාදුරුවලින් තොර ලොවක් යන්න තේමා කර ගනිමින් 2016 වර්ෂයේ  ලෝක ලාදුරු දිනය සැමරීෙමි උත්සවය ඊයේ (16) සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ දී පැවැත්විණි.

     

    මෙහිදී සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය විද්‍ය රාජිත සේනාරත්න මහතා මෙම අදහස් පළ කරන ලදි.

     

    මෙහිදී අදහස් දැක් වූ අමාත්‍යවරයා -   ඖෂධ හිඟයක් පිළිබඳව මාධ්‍යයට තොරතුරු ලබාදුන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ පුද්ගලයන් සොයා පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. ඔවුන් ලබා දී ඇත්තේ වැරදි තොරතුරුයි.මේ පිළිබඳව පරීක්ෂණයක් පවත්වන ලෙස මම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නා.”

     

    කඩිනමින් ඖෂධ ප‍්‍රවාහනය කිරීම කුරියර් සේවාවක සහාය ලබාගැනීමට මම  අදහස් කර තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යධූරයට මම පත්වන විට ඖෂධ වර්ග 79 ක පමණ හිඟයක් පැවතුනා. නමුත් එම හිඟය අවසන් කළා.

     

    දැනට දිනකට ඖෂධ වර්ග 02 ක් පමණ හිඟයක් දක්නට ලැබුනේ. නමුත් පසුගිය දින කිහිපය තුළ වෛද්‍ය සැපයුම් අංශය, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව, ජාතික ඖෂධ නියාමන අධිකාරිය සහ ප‍්‍රසම්පාදන කමිටුවේ අකාර්යක්ෂමතාව හේතුවෙන් ඖෂධ පිළිබඳ ගැටළු ඇති වුනා. එහෙත් පසුගිය දින කිහිපය තුළ ඖෂධ වර්ග 20 පමණ හිඟයක් පැවැතුන ද එය මේ වනවිට ඖෂධ වර්ග 08 දක්වා අවම කර තිබෙනවා. එම නිසා කිසිදු ඖෂධ හිඟයක් රෝහල් තුළ නැහැ. වෛද්‍ය සැපයුම් අංශය සඳහා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයෙක් ලෙස වෛද්‍ය

     

    කමල් ජයසිංහ මහතා සේවය ආරම්භ කරනවා. වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂවරයා ලෙස තවදුරටත් වෛද්‍ය ලාල් පනාපිටිය මහතා කටයුතු කරනු ලබනවා.

     

    වෛද්‍ය සැපයුම් අංශය විසින් ඉදිරියට අවශ්‍ය ඖෂධ තොඟ පිළිබඳව වාර්තාවක් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට යොමු කර තිබෙනවා. එහි ඖෂධ වර්ග 100 ක් පමණ අඩංගු වෙනවා. ඖෂධයක් ආනයනය කිරීම සඳහා මාස 09 ක කාලයක් ගත වෙනවා. එය අවම කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස මම මාස 1 1/2 ක් ඇතුළත ඖෂධ ගෙන්වා බෙදාහැරිය යුතු බවට අදාල අංශ වලට දැනුම් දුන්නා. මෙම වැඩපිළිවෙල ප‍්‍රායෝගික විය යුතුයි. ඖෂධ සමාගම් ලියාපදිංචි කිරීමත්, විධිමත් කළ යුතුයි.

     

    ජාතික ඖෂධ නියාමන අධිකාරියේ පරිපාලනමය ගැටළු පැවැතුන ද එය මේ වනවිට අවසන් වී ඇති බැවින් ඖෂධ ගෙන්වීම සහ ලියාපදිංචි කිරීමේ කටයුතු විධිමත්ව සිදු කරන්න පුළුවන්. ඇතැම් ඖෂධ ඉතා ඉහළ මිළ ගණන් වලට සෞඛ්‍ය අමාත්‍යාංශයට මිල දී ගෙන ඇති බව පසුගිය කාලයේ සිදු කළ සොයාබැලීම් වල දී අනාවරණය වුනා. ඖෂධ මාෆියාව නැති කිරීමට තමන් තවදුරටත් සටන් වදිනවා. ඒ සදහා මාධ්‍යෙවිදීන්ගේ සහයෝගය ද අවශ්‍යයයි.

     

    පෞද්ගලික රෝහල්වල සිදුකරන සායනික සේවා සදහා මිල පාලනයක් ඇති කළා. වෛද්‍යවරුන්ට එක් රෝගියෙකුගෙන් අය කළ හැකි මුදල රුපියල් 2000 දක්වා අඩු කර තිබෙනවා. වෛද්‍යවරයෙක් රෝගියෙක් විනාඩි 10 ක් පරීක්ෂා කළ යුතුයි. එමවේලා සටහන් රෝගීන්ට දර්ශනයවීමට සැළැස්වීෙමි ක‍්‍රමෙවිදයක් ද සකස් කරනවා.”

     

    ඉන්දීය රජය අනාවරණය කළ වකුගඩු ජාවාරම පිළිබඳ සොයාබැලීම සඳහා පත් කළ පංච පුද්ගල කමිටුවේ වාර්තාවට අනුව වෛද්‍යවරුන් 06 ක් චෝදනා ලැබුවත් ඇතැම් අය වෛද්‍යවරුන් නොවෙයි.මේ පිළිබඳ පොලීසිය ද පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. වතුකරයේ ජනතාවගෙන් ද වකුගඩු මිලදී ගෙන ඇති බව පසුගියදා අනාවරණ වුනා. ඒ පිළිබඳව පරීක්ෂණයක් පවත්වන ලෙස මම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම් දී තිබෙනවා. එම වකුගඩු මිලදී ගෙන ඇත්තේ කුමන රෝහලෙන් ද, ඊට සම්බන්ධ වෛද්‍යවරු කවුරුන් ද යන්න පිළිබඳව එහිදී අවධානය යොමු කිරීමට නියමිතයි.  

     

    මෙම අවස්ථාවට අධ්‍යක්ෂ (සෞඛ්‍ය අධ්‍යාපන හා ප‍්‍රචාර) විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (මහජන සෞඛ්‍ය සේවා) වෛද්‍ය සරත් අමුණුගම මහතා, නියෝජ්‍ය අධ්‍යක්ෂ (පර්යේෂණ හා පුහුණු) සුනිල් ද අල්විස් මහතා, ලාදුරු මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ වෛද්‍ය එච්.එම්.එස්.එන් ප‍්‍රනාන්දු මහත්මිය ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya