අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලාදුරු රෝගයට බිය විය යුතු නෑ-සෞඛ්‍ය අමාත්‍ය

    පෙබරවාරි 16, 2016

    ලාදුරු රෝගය හදුනාගෙන ප්‍රතිකාර කළ හැකි රෝගයක්. ලාදුරු රෝගයට බිය විය යුතු නෑ. ලාදුරු හා ඒඩ්ස් රෝගවලින් මුදවාගැනීමට විශාල මුදලක් වගේම බරක් සෞඛ්‍ය අමාත්‍යාංශය යොදා තිබෙනවා යැයි සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

    අමාත්‍යවරයා අද (16)සෞඛ්‍ය අධ්‍යාපන කාර්යංශයේ දී ලෝක ලාදුරු රෝග දිනය වෙනුවෙන් ජනමාධ්‍ය දැනුවත් කිරීමේ මාධ්‍ය සම්මන්ත්‍රණයට සහභාගී වෙමින් මේ බව පැවසී ය.

     

    ලාදුරු රෝගය හදුනාගෙන ප්‍රතිකාර කළ හැකි රෝගයක්. ලාදුරු රෝගයට බිය විය යුතු නෑ.කල්තබා හඳුනාගැනීමෙන් රෝගය නිවාරණය කරගත හැකියි.

     

    ලාදුරු රෝගය මුල්වරය ශ්‍රී ලංකාවේ දී හදුනගන්නේ ලන්දේසි යුගයේ දීයි.ප්‍රතිකාර ආරම්භ වුණේ 1940 දී.1954 දී ලාදුරු මර්දන ව්‍යාපාරය ආරම්භ වුණා.

     

    පසුගිය අවුරුද්දේ ලාදුරු රෝගීන් 2000ක් පමණ හඳුනාගෙන තිබෙනවා.බස්නාහිර පළාතේ සියයට 42%ක්.කොළඹ පමණක් රෝගීන් 338ක් හඳුනාගෙන තිබෙනවා.

     

    පොළොන්නරුව, මඩකළපුව,අම්පාර ඇතුළුව දිස්ත්‍රික්ක 08ක් දැනටමත් හඳුනාගෙන තිබෙනවා.වයස අවුරුදු 15ට අඩු දරුවන් සියයට 10.42%ක් ලාදුරු වැළදී තිබෙනවා.


    මේ දිනවල මූලිකත්වය දෙන්නේ ලාදුරු මර්දන වැඩසටහනට සහ ඒඩ්ස් මර්දනයටයි.ලාදුරු වගේම එච්.අයි.වී.ඒඩ්ස් ඉහළ ගොස් තිබෙනවා.වර්ධනයක් පේනවා.ලාදුරු රෝගීන් නම් සීමිත සංඛ්‍යවක් ඉන්නේ.ඔවුන් හදුනාගෙන ප්‍රතිකාර කිරීම අවශ්‍යයි. එස්.එම්.එස්. තාක්ෂණය,ඊ මේල් හරහා රෝගීන් සම්බන්ධ කරගත හැකියි. එතනට යා යුතුයි.රජයේ දුරකතන පෞද්ගලික දේවල්වලට භාවිත නොකර ජනතව වෙනුවෙන් භාවිත කරන්න.අහිංසක මිනිස්සු අපට සොයාගෙන එන්නේ විශාල වියදමක් කරගෙන.දවසේ කුලිය අහිමි කරගෙන.ඒ ගැන අප සිතාබැලිය යුතුයි.සෞඛ්‍ය අමාත්‍යාංශය පිං ලබාගත හැකි ආය්ටහනයක්.ලාදුරු හා ඒඩ්ස් රෝගවලින් මුදවාගැනීමට විශාල මුදලක් වගේම බරක් සෞඛ්‍ය අමාත්‍යාංශය යොදා තිබෙනවා.

     

    මෙවර අයවැයෙන් බිලියන 85ක් වැඩියෙන් සෞඛ්‍ය සේවයට ලැබුණා.ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 200ක් ලැබීතිබෙනවා.මේවා වියදම් කරන්න ඕන මහජනතව වෙනුවෙන්.කොක්ටේල් බෑ,විදේශ සංචාර බෑ.අංග සම්පූර්ණ ප්‍රතිකාර වැඩසටහනකට ගොස් රෝගීන්ට ප්‍රතිකාර කර රෝගී නොවන තත්ත්වයකට රට පත් කරමු යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

     

    ''ලාදුරු රෝගී දරුවන් තවත් නොමැත- ලදුරුවලින් තොර ලොවක්'' යන තේමාව යටතේ 2016 ලෝක ලාදුරු දිනය සැමරේ.මෙම දිනය සමරමින් ලාදුරු මර්දන වැඩසටහන සිය නිල වෙබ් අඩවිය (www.leprosycampaign.health.gov.lk) ජනතා ගත කිරීමට සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya