මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලාදුරු මර්දන ව්‍යාපාරයේ නිල වෙබ් අඩවිය අන්තර්ජාලයට

    පෙබරවාරි 16, 2016

    ලාදුරු මර්දන ව්‍යාපාරයේ නිල වෙබ් අඩවිය අන්තර්ජාලයටbමුදාහැරීම අද (16) සිදු විය.

     

    සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් වෙබ් අඩවිය අන්තර්ජාලයට මුදාහැරීම සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ දී සිදු විය.

     

    ''ලාදුරු රෝගී දරුවන් තවත් නොමැත- ලදුරුවලින් තොර ලොවක්'' යන තේමාව යටතේ 2016 ලෝක ලාදුරු දිනය සැමරේ. මෙම දිනය සමරමින් ලාදුරු මර්දන වැඩසටහන සිය නිල වෙබ් අඩවිය (www.leprosycampaign.health.gov.lk)මෙලෙස ජනතා ගත කෙරිණි. ලෝක ලාදුරු දිනය සැම වසරකම ජනවාරි මස අවසන් ඉරිදා දිනයේ සැමරෙයි.

     

    ලාදුරු මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ වෛද්‍ය එම්.එල්.එස්.එන්.ප්‍රනාන්දු, අධ්‍යක්ෂ,සෞඛ්‍ය අධ්‍යාපනකාර්යාංශය,වෛද්‍ය අමල් හර්ෂ, මහජන සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය සරත් අමුණුගම යන මහත්වරු ඇතුළු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්, ලාදුරු මර්දන වැඩසටහනේ වෛද්‍යවරු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියේ ය.

     


    ඡායාරූපය- යමුනී රශ්මිකා පෙරේරා
    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya