අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අවශ්‍ය ඖෂධ තොග රැස්කර තබා ගැනිමට පියවර

    පෙබරවාරි 16, 2016

    ඉදිරි මාස කිහිපය තුළ ඖෂධ අඩුවීමේ ප‍්‍රවණතාවක් දක්නට ලැබෙන බැවින් අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කර ජුනි මාසය දක්වා අවශ්‍ය ඖෂධ තොග රැස්කර තබා ගැනීමට තීරණය කොට තිබෙන බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ෆයිසාල් කාසීම් මහතා පවසයි.

    සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ෆයිසාල් කාසීම් මහතා සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පසුගියදා හලාවත හා පුත්තලම රෝහල්වල විශේෂ නිරීක්ෂණ චාරිකාවකට එක් වූ අතර එහිදී මෙම කරුණු අනාවරණය විය.

    රජයේ රෝහල් සඳහා ඖෂධ වර්ග 1200 ක් අවශ්‍ය බවත් ඖෂධ පිළිබඳව සහ ඖෂධ තොග තත්ත්වයන් පිළිබඳව පසුගියදා පැවැති සාකච්ඡාවකදී තීරණය කළ බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

    ඒ මහතා ප්‍රකාශ කළේ දැනට රෝහල් තුළ ඖෂධ හිගයක් නොමැති අතර බෙදාහැරීම් ජාලය ශක්තිමත් කිරීමට පියවර ගන්නා බවයි.

    එසේම  හලාවත රෝහලේ දැනට වසා දමා ඇති ශල්‍යාගාරය වෙනුවට දින 50 ක් තුළ ශල්‍යාගාර සංකීර්ණයක් සැදීම, රුපියල් මිලියන 690 ක් වැය කරමින් වාට්ටු සංකීර්ණයක් ඉදිකිරීට සහ යටිතල පහසුකම් දියුණු කිරීමට තීරණය කර තිබේ.


    ඩෙංගු මර්දනය වෙනුවෙන් ජාතික ඩෙංගු මර්දන ඒකකයේ නිලධාරින් පැමිණ මෙම ගැටලු සාකච්ඡා කර අවශ්‍ය පියවර ගන්නා බවත් එමෙන්ම ඩෙංගු රෝගීන්ට ප‍්‍රතිකාර කිරීම සඳහා ඇඳන් 20 ක වාට්ටුවක් මාස දෙකක් තුළ ඉදිකර අවසන් කිරීමටත් තීරණය කෙරෙණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya