අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විදුලිබල මණ්ඩලයේ ආදායමෙන් කොටසක් මහවැලියට ගැනීමේ ක්‍රමයක්

    පෙබරවාරි 16, 2016

    විදුලිබල මණ්ඩලයේ උපයන මුදලේ ආදායමෙන් එක් කොටසක් මහවැලි අධිකාරියට ලබා ගැනීමට ක්‍රම වේදයක් සකසන බව මහවැලිඅ සංවර්ධන හා පරිසර නියෝජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා සදහන් කරයි.

    අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ මහවැලි අධිකාරියට අයත් කොත්මලේ, පොල්ගොල්ල, වික්ටෝරියා ජලාශ වල නිරික්ෂණ වාරිකාවක නිරත වෙමිනි.

    අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ මහවැලි අධිකාරියට අයත් ජලාශවල කළ යුතු වැඩි දියිණු කිරීම් හා පසුගිය සමයේ ඉටු නොවූ වැඩ කොටස් තිබේ නම් ඒ පිළිබඳ අවධානය යොමු කර ඒවාට පුමුඛත්වය දී සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙළක් සකස් කිරීමටත් ජනාධිපතිතුමා උපදෙස් ලබා දී ඇති බවයි.


    විදුලිබල මණ්ඩලයටත්, මහවැලි අධිකාරියත් එකම ආයතනයක් ලෙස පැවති අතර  විදුලිබල මණ්ඩලය යුනිට් එකකින් ගන්නා ආදායමෙන් එක් කොටසක් මහවැලි අධිකාරියටත් ලබා ගැනීම සඳහා සාකච්ජා කර ඇති බවත් පසුගිය කාලයේ විදුලි බල මණ්ඩලයේ ඉපයීම් තත්ත්වය පිළිබඳ සොයා බලා එම මුදල ලබා ගැනීමට කටයුතු කරන බවත් ජයරත්න මහතා සඳහන් කළේය.


    මෙහිදී කොත්මලේ ජලාශයේ පැල්ම පිළිබඳව මාධ්‍යවේදියෙකු නැගු පැනයට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා කියා සිටියේ එම පැල්ම පිළිබඳ බිය විය යුතු නැති බවත් මෙම ගැටලුව අවුරුදු 10 ක් තිස්සේ පැවති බවත් ඒ සම්බන්ධයෙන් ඉංජිනේරුවන් සොයා බලා කටයුතු කරන බවත්ය.

    කොත්මලේ ජලාශයේ බැම්ම පිළිබඳ ගැටලු සහගත තත්ත්වයක් වාර්තා වී නැති බවත් ජනාධිපතිවරයා සතු මහවැලි අධිකාරිය එතුමාගේ උපදෙස් මත වැඩි දියිණු කිරීමට බලාපොරොත්තු වන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya