අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොටුවේ තොග වෙළඳාම පහසුකම් සම්පාදන කලාපයට - අමාත්‍ය පාඨලී චම්පික රණවක

    පෙබරවාරි 16, 2016
    තව වසර තුනකින් කොටුව ප්‍රදේශයේ දැනට කරගෙන යන තොග වෙළඳාම පහසුකම් සම්පාදන කලාපයට ගෙන යන බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි. 
    ඒ මහතා මේ බව සඳහන් කළේ පසුගියදා තොග වෙළඳ සංගම්, ත්‍රීරෝද රථ සංගම් සහ ලොරි රථ සංගම් හා පැවති සාකච්ඡාවකදීය.
     
    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, කොටුව, පිටකොටුව, ප්‍රවාහන මධ්‍යස්ථානයක් බවට පත් කිරීමටත් වානිජමය වශයෙන් බේරේ වැව ආශ්‍රිත ප්‍රදේශය දියුණු කිරීටත් පියවර ගන්නවා. තොග සහ සැපයුම් පෑලියගොඩ, මාබෝල, වත්තල ආදී ප්‍රදේශ ආශ්‍රිතව ස්ථානගත කිරීමට අපි පියවර ගන්නවා.
     
    අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ කොටුවේ සුළු වෙළඳාම් ඉවත් කරන්න. නමුත් ගොඩනැගිලි ද්‍රව්‍ය, අල, පරිප්පු, ළූණු, සීනි, පොල්තෙල්, භූමිතෙල් වැනි තොග වෙළඳාම් අපි එම ප්‍රදේශවලට ගෙනයනවා. ත්‍රීරෝද රථ, ලොරි සඳහාත් වෙනම ස්ථානයක් පහසුකම් සම්පාදන කලාපය ආශ්‍රිතව නිර්මාණය කරන්නට අප පියවර ගන්නවා. එමෙන්ම කප්පම් කරුවන්ට, දේශපාලන අතපෙවීම් වලට මින් ඉදිරියට ඉඩ ලැබෙන්නේ නෑ කියා තරයේ ප්‍රකාශ කරන්න කැමතියි.
     
    ත්‍රීරෝද රථ රියැදුරන්ට, මුට්ට කරගහන අපේ කම්කරුවන්ගේ දරුවන්ට, එම වෘත්තීයන්ගෙන් ඔබ්බට ගොස්, වෛද්‍ය, ඉංජිනේරු, පරිපාලන සේවාවන්හි නව රැකියා අවස්ථා ලබාගැනීමට අවැසි පරිසරය අප නිර්මාණය කරනවා.
     
    පසුගිය ජනවාරි 30 වෙනදා අපි මුල්ගල තැබුවේ බස්නාහිර සංවර්ධන ව්‍යාපෘතියේ වැදගත්ම කොටසකටයි. ඒ කොටුව මැනිං තොග වෙළඳපොල පෑලියගොඩ මාළු වෙළඳ සැලට යාබදව ස්ථාපිත කිරීමටයි. දැන් අති සාර්ථකව එම සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක වෙමින් පවතිනවා යැයි පැවසීය.
     
    AP

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya