අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගෝලීය තරුණ නායකත්ව සංසදය පළමුවරට ශ්‍රී ලංකාවේදී

    පෙබරවාරි 16, 2016

    ලෝක ආර්ථික සමුළුව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ගෝලීය තරුණ නායකත්ව සංසදය ශ්‍රී ලංකාවේ පැවැත්වීමට අවස්ථාව ලැබී තිබෙන බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.


    පසුගියදා ස්විස්ටර්ලන්තයේ  Davos  නුවර පැවති ලෝක ආර්ථික සමුළුව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කළ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා, සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙ‍ළෙඳ කටයුතු අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා, ඇතුළු පිරිස විසින් ශ්‍රී ලංකාවේ, නව ආර්ථික වැඩපිළිවෙළ පිළිබඳව, ඉදිරිපත් කළ සැලැසුමෙන් පසුව, ගෝලීය තරුණ නායකත්ව සමුළුව ශ්‍රී ලංකාවේදී  පැවැත්වීමේ අවස්ථාව ලැබී තිබේ.

     

    ඒ අනුව, ලෝක ආර්ථික සමුළුව නියෝජනය කළ රාජ්‍ය හා පෞද්ගලික අංශය සේම කලාප නියෝජනය කරමින් තරුණ නායකයින්, 40 දෙනෙකුගෙන් සමන්විත පිරිසක් ඊයේ  (15) දිවයිනට පැමි‍ණයහ.

     

    එම පිරිස අද (16) දින මුදල් අමාත්‍යාංශයේදී විශේෂ හමුවකටද සහභාගි වෙති.  මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාගේ උපදේශකත්වයෙන්, එම හමුව පැවැත්වේ.

     

    ලබන 17 වන දින,  අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවන මෙම පිරිස, දින තුනක් දිවයිනේ රැදී සිටිති.

     

    ශ්‍රී ලංකාව වෙනුවෙන් ගෝලීය තරුණ නායකත්ව සංසදය නියෝජනය කරන අසංග අබේගුණසේකර මහතා  පෙන්වා ‍දෙන්නේ, ගෝලීය තරුණ නායකත්ව සංසදය ශ්‍රී ලංකාවේ පැවැත්වීම ඉතා වැදගත් සිද්ධියක් වන බවයි.


    ලෝක ආර්ථික සමුළුවට සමගාමීව, මෙවැනි ගෝලීය තරුණ නායකත්ව හමුවක් මෙරට පැවැත්වෙන පළමු අවස්ථාව මෙය වන බවද අසංග අබේගුණසේකර මහතා පෙන්වා දෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya