අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නිලධාරීන් ජනතාවට උපරිම සේවයක් සැලසිය යුතුයි - ධිවර රාජ්‍ය අමාත්‍ය

    පෙබරවාරි 15, 2016
    නිලධාරීන් යහපාලනය යටතේ ජනතාවට උපරිම සේවයක් සැලසිය යුතු යැයි අඟුණුකොළපැලැස්ස සම්බන්ධීකරණ රැස්වීමේදී දිලිප් වෙදආරච්චි අමාත්‍යවරයා  අවධාරණය කරයි.
    අඟුණුකොළපැලැස්ස ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී අද (15) පැවති ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්විමේදී දිලිප් වෙදආරච්චි අමාත්‍යවරයා මේ බව කියා සිටියේය. 
     
    අමාත්‍යවරයා තවදුරටත් පැවසුයේ සියලුම නිලධාරීන් පක්ෂ පාට භේදයකින් තොරව ජනතා සේවය වෙනුවෙන්ම කැපවීමට වගබලා ගතයුතු බවය.
     
    ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව වසර එකහමාරකට පසුව අද රැස්වුයේ මහින්ද අමරවීර හා දිලිප් වෙදආරච්චි අමාත්‍යවරුන්ගේ සම සභාපතීත්වයෙනි.
     
    මෙහිදී ප්‍රදේශයේ සංවර්ධන ව්‍යාපෘති, ඒවායේ ප්‍රගතිය ඉදිරි සංවර්ධන සැලසුම් පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කල අතර ජනතාවට සෘජුව බලපා තිබු සෞඛ්‍ය, අධ්‍යාපන, මහාමාර්ග, වාරිමාර්ග, ප්‍රවාහනය ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක නොවිසඳී පැවතී ගැටළු ගණනාවකට විසඳුම් ලබා දීමට ද හැකිවිය.
     
    ප්‍රාදේශීය ලේකම් ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහභාගී වූ  මෙම සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී දිලිප් වෙදආරච්චි අමාත්‍යවරයා කියා සිටියේ චක්‍රලේඛ නිකුත් කර ඇත්තේ ජනතාවට සේවය කිරීමට මිස ජනතා සේවය මඟහැරිමට නොවන බව සියලු නිලධාරීන් දැඩිසේ අවධාරණය කර ගත යුතු බවත් ජනතාවට ලැබෙන සහන කප්පාදුවන ආකාරයේ ඒකාධිපති හෝ තනි මතයට කටයුතු නොකිරීමට සියලු දෙනා වගබලා ගතයුතු බවද අවධාරණ කළේය.
     
    දිලිප් වෙදආරච්චි අමාත්‍යවරයා තව දුරටත් කියා සිටියේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ සංවර්ධනය වෙනුවෙන් ව්‍යාපෘති රැසක් සැලසුම් කර ඇති බවත් හම්බන්තොට වරායේ හා ගුවන්තොටුපොළේ කටයුතු ක්‍රමවත් වැඩපිළිවෙලක් යටතේ රටට හා ජනතාවට සෙත සැලසෙන සේ ක්‍රියාත්මක කිරීමට රජය සැලසුම් කර ඇති බවත් බදුලු බණ්ඩාරවෙල ප්‍රදේශවල මල් ද ධීවර නිෂ්පාදන හා මත්ස්‍ය අපනයනය ද සෙසු භාණ්ඩ අපනයනය ද මත්තල ගුවන්තොටුපොළ හරහා සිදුකිරිමටද කඩිනමින් පියවර ගැනීමට රජය ක්‍රියා කරන බවය.
     
    පොල් ඉරට්ට නොකැඩෙන සේ නවන්නා මෙන් ජනතා සේවය වෙනුවෙන් චක්‍රලේඛ නීති අනපනත් උපයෝගී කර ගනිමින් ජනතාව වෙනුවෙන් සේවය කල යුතු බව දිලිප් වෙදආරච්චි අමාත්‍යතුමා තවදුරටත් කියා කිටියේය.
     
    AP
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya