අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපතිගේ යුරෝපා සංචාරය ආර්ථික සබඳතාවල පුළුල් සංධිස්ථානයක් - මුදල් ඇමැති

    පෙබරවාරි 15, 2016

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජර්මානු සහ ඔස්ට්‍රියානු නිල සංචාරය ශ්‍රී ලංකාව හා යුරෝපය අතර ආර්ථික සබඳතා පුළුල් කරමින් ශ්‍රී ලංකාව යුරෝපයට විවෘත වීමේ සංධිස්ථානයක් වනු ඇති බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා  පැවසීය.

    අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ජර්මානු හා ඔස්ට්‍රියානු ආයෝජකයන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් මෙම සංචාරයේදී විශේෂ අවධානයට යොමු කරවන බවයි.  

    ඒ සඳහා ද්වීපාර්ශවික සාකච්ඡා වට කිහිපයක් ද පැවැත්වෙන බව රවී කරුණානායක මහතා පෙන්වා දී තිබෙන අතර යුරෝපා සංචාරයේදී GSP + සහනය නැවත කඩිනමින් ලබා ගැනීම සම්බන්ධයෙන් ද විශේෂ අවධානය යොමු කෙරෙනු ඇති බවද  යුරෝපා නිල සංචාරය සඳහා පිටත්ව යාමට පෙර මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.


    එසේම ලෝක ආර්ථිකය කඩා වැටී තිබෙන අවස්ථාවක ශ්‍රී ලංකාව තුළ ඇති වී තිබෙන නව වෙනස්කම් සමඟ අපේ රට ලෝකයට එකතු කිරීමට මෙම සංචාරය හේතුවක් වනු ඇතැයි තමා විශ්වාස කරන බවත්  අමාත්‍යවරයා සඳහන් කළේය.

    ජනාධිපතිතුමාගේ මෙම නිල සංචාරයට මුදල් අමාත්‍යවරයාද එක්ව සිටින අතර මෙම දූත පිරිස ලබන 18 වැනි දා ඔස්ට්‍රියාව ලබා පිටත්ව යාමට නියමිත ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya