මැයි 09, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අන්ධ විද්‍යාල සිසුන්ට ලැප්ටොප් හා ශිෂ්‍යත්ව ප්‍රදානය කෙරේ

    පෙබරවාරි 15, 2016
    තංගල්ල අන්ධ විද්‍යාලයෙන් මෙවර  අ.පො.ස. උ/පෙළ විභාගයට පෙනී සිටි සියලුම සිසු සිසුවියන් විභාගය විශිෂ්ඨ ලෙස සමත්ව විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලබා ඇත.
    එම සිසු සිසුවියන්ට බ්‍රේල් ක්‍රමයට පරිශීලනය කළ හැකි  ලැප්ටොප්  පරිගණක හා ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම  මේ මස 16 වන දින පෙ.ව. 10.30 ට තංගල්ල අන්ධ විද්‍යාලයේදී සිදු කිරීමට නියමිතය.
     
    දෑසම නොපෙනුණත් උ/පෙළ  සමත්ව විශ්ව විද්‍යාල අධ්‍යාපනය සඳහා සුදුසුකම් ලැබූ එම සියලු සිසුවියන්ගේ උසස් අධ්‍යාපනයට ශක්තියක් වීමට ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය, හම්බන්තොට දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපති, දිලිප් වෙදආරච්චි මහතා ගත් තීරණයට අනුව මෙම ලැප්ටොප් ප්‍රදානය කිරීම සිදු කෙරේ.
     
    AP 
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya