අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දරුවන්ට පාසල් කාලයේ සිටම ඉලක්කයක් තිබිය යුතුයි - ජනමාධ්‍ය ඇමැති

    පෙබරවාරි 15, 2016

    දරුවන් පාසල් කාලයේ සිටම ඉලක්ක තියාගෙන ගමන් කිරීමට අවශ්‍ය බවත් අධ්‍යාපනයට බාධා ඇති වනුඇතැයි සිතමින්  පාසලේ බාහිර කටයුතුවලට සහභාගි නොවන බවත් පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය ඇමති ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.

    බෙන්තොට ඇලකාක මහ විදුහලේ 2016 වසරේ ශිෂ්‍ය නායක නායිකාවන් වෙත නිල ලාංඡන පැළදවීමේ උත්සවයට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

     

    තමාටද පාසල් කාලයේ සිට ම ඉලක්ක තිබුණු අතර එම ඉලක්ක ජය ගැනීමට හැකි වූ බව ප්‍රකාශ කළ අමාත්‍යවරයා තමන් වෙත ලැබෙන දේ ආදර්ශමත්, නිහතමානීව හා නිරහන්කාරීව කටයුතු කළ යුතු බව ද පෙන්වා දුන්නේය.

     

    “තමන් හට තනතුරු ලැබෙන්න ලැබෙන්න ආදර්ශමත් වන්න නිහතමාණී වන්න නිරහන්කාර වන්න. හරියට උණ ගසක් මෙන් ඉහළට යන්න යන්න පහළට නැමෙන්න පුරුදු වන්න.හැම දෙනාටම සමානව සලකන්න පුරුදුවෙන්න. පරිත්‍යාගශීලී භාවයත් වැදගත්. දරුවනට ලොක්කෙක් වෙන්න ලේසියි ඒත් නායකයෙක් වෙන් එහෙම ලෙහෙසියෙන් බැහැ.” යැයි පැවසුවේ විසින් පාසල් දරු දැරියන් අමතමිනි.

     

    පාසල් ශිෂ්‍ය නායකයින්ට අමාත්‍යවරයා ප්‍රකාශ කළේ අනෙක් පාසල් සිසු දරුවන්ට ඉගෙන ගන්නට යමක් ඔවුන් තුළ තිබිය යුතු බවයි. හැම කේෂේත්‍රයකම හිටපු ලෝක නායකයන් ගැන කියවිම වැදගත් බවත්  නැපොලියන් බොනපාට්, වින්ස්ටන් චර්චිල්, ලෙනින්, නෙල්සන් මැන්ඩෙලා, පිදෙල් කස්ත්‍රෝ, මාවෝ සේතුං, චූ චං හායි, මහත්මා ගාන්ධි වැනි චරිත අපගේ ජීවිත නිවැරදිව හැඩගස්වා ගැනීමට වැදගත් බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.


    මෙම අවස්ථාව සඳහා දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල් මහතාගේ ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya