අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉරිදා දහම් පාසල අනිවාර්ය කළ යුතුයි- ඇමැති දයා ගමගේ

    පෙබරවාරි 15, 2016

    ඉරිදා දහම් පාසල අනිවාර්ය කළ යුතු යුගයක් උදා වී ඇතැයි ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතා පැවසීය.

    රුක්මල්ගම ශ්‍රී ධර්මවිජයාලෝක විහාරයේ, විහාරමහාදේවී දහම් පාසලේ ත්‍යාග ප්‍රදානෝත්සවයට ඊයේ (14) එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

    පුද්ගලයින් තුළ විනය හා ශික්ෂණය ඇති කරන දහම් අධ්‍යාපනය ප්‍රවර්ධනය කිරීම අවශ්‍යතාවක් බවත් එසේම, දහම් පාසල යනු, දරුවන් තුළ පෞරුෂය, හැකියාවන් හා කුසලතාවන් වර්ධනය කරන ප්‍රදානතම මධ්‍යස්ථානය බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    ඒ මහතා ප්‍රකාශ කළේ මෙරට සමාජ සංවර්ධනයේ හා අධ්‍යාපනයේ නියමුවරුන් වන භික්ෂූන් වහන්සේගෙන් රටට සිදු වන සේවාව සමාජයක් ලෙස ඇගයීමට ලක් කළ යුතු බවයි

    එසේම, ශ්‍රී ධර්මවිජයාලෝක මහා විහාරාධිපති, ආචාර්ය ඉත්තෑපාණේ ධම්මාලංකාර අනුනායක හිමියන්ගේ සමාජ මෙහෙවර ද මෙහි දී අමාත්‍ය දයා ගමගේ මහතා ගෞරවයෙන් ඇගයීමට ලක් කළේය.

    ශ්‍රී ධර්මවිජයාලෝක විරාස්ථානයට හා විහාරමහාදේවී දහම් පාසලට විශාල අඩුපාඩුවක්ව පවතින ධර්ම ශාලාවක් හා දහම් පාසල් ගොඩනැගිල්ලක් ඉදිකිරීමට අවශ්‍ය මුල්‍යමය ප්‍රතිපාදන, තම පුද්ගලික ධනපරිත්‍යාගයක් ලෙස ලබා දීමට කටයුතු කරන බව දයා ගමගේ මහතා මෙහිදී පැවසීය.

    මෙහි දී අමාත්‍යවරයා විසින් දහම් පාසල් තරගවල දී ජයග්‍රහණ ලබාගත් සිසු සිසුවියන් වෙත සහතික හා සම්මාන ප්‍රදානයට එක්විය.

    මෙම අවස්ථාවට ප්‍රදේශයේ භික්ෂූන් වහන්සේ, දේශපාලනඥයින්, ව්‍යාපාරිකයින්, දෙමව්පියන් හා සිසු-සිසුවියන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වී සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya