අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාසල් කේන්ද්‍රකරගත් 'ප්‍රාථමික කර්මාන්ත' පුහුණු මධ්‍යස්ථාන

    පෙබරවාරි 15, 2016

    ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන්, ආදර්ශ ප්‍රාථමික කර්මාන්ත පුහුණු මධ්‍යස්ථානයක් මුල්ලේරියාව එන්සෙෆ් බෞද්ධ විද්‍යාලයේ පිහිටවීමට පියවර ගන්නා බව ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතා පැවසීය.

    පසුගියදා (12) එම විදුහල් ක්‍රීඩාංගනයේ පැවති වාර්ෂික ක්‍රීඩා උත්සවයේදී ඒ මහතා මේ බව සඳහන් කළ අතර උසස් යැයි සම්මත රැකියාවන් හා වෘත්තීන් කිහිපයක් පමණක් මත ඉලක්ක කර ගත් අධ්‍යාපන තරගයක නියුතු දරුවන්, රටේ ආර්ථීකය හා සමාජ සංවර්ධනය සඳහා විශාල දායකත්වයක් දැක්විය හැකි සෙසු ක්ෂේත්‍ර වෙත ද යොමු කිරීමේ කාලය දැන් එළඹ ඇති බව ද සඳහන් කළේය.

    ඒ සඳහා අවශ්‍ය නිපුණක්වය හා කුසලතාව මෙන්ම අදාළ වෘත්තීන්ගේ නියැලීමෙන් අත්කර ගත හැකි පුද්ගලික ප්‍රතිලාභ සම්බන්ධයෙන් ද පාසල් අවදියේ සිට දරුවන් දැනුවත් කළ යුතු බවත් එම දැනුම හා උනන්දුව ලබා දීම වෙනුවෙන්, ආදර්ශ ප්‍රාථමික කර්මාන්ත පුහුණු මධ්‍යස්ථාන දීපව්‍යාප්තව ඇති කිරීමට අපේක්ෂා කරන බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

    කෙතරම් උසස් අධ්‍යාපනයක් ලැබූව ද කෙසේ හෝ රජයේ රැකියාවක් ලබා ගත යුතු බව අද සමාජයේ ජනප්‍රියම ආකල්පය වී තිබෙන බව පෙන්වා දුන් අමාත්‍යවරයා තමාට මෙන්ම තවත් පිරිසකට ආදායම් ඉපයීම සිදු කළ හැකි පෞද්ගලික ව්‍යවසායක පිරිසක් බිහි කිරීමට සමාජය උනන්දු කළ යුතු බව ද සඳහන කළේය.

    මේ අතර, මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යතුමන් වැඩිදුරටත් සඳහන් කළේ, දරුවන් වෙනත් පුද්ගලික පාසල් සඳහා ඇතුළත් කිරීමේ දී ලක්ෂ ගණනක ඇතුළත් වීමේ ගාස්තුවක් ද ඉන් පසු විශාල වාර්ෂික ගෙවීමක් ද සිදු කිරීමට සිදු වන පසුබිමක් තුළ ආචාර්ය බඳගිරියේ සෝමවංශ නා හිමියන් විසින් පුණ්‍ය පදනමක් මත පවත්වාගෙන යන එන්සෙෆ් බෞද්ධ පාසල ලොවටම ආදර්ශයක් බවයි.

    එහි සේවය කරනු ලබන ස්වේච්ඡා ගුරු මණ්ඩලය හා විවිධ අනුග්‍රහායන් දක්වන පාසල් ප්‍රජාව ද මෙහිදී අමාත්‍යතුමන්ගේ පැසසුමට ලක් විය.

    අපවත් වී වදාල පූජ්‍ය බද්දේගම විමලවංශ නා හිමියන්ගේ මූලිකත්වයෙන් 1990 වසරේ දී දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ ආශීර්වාදයෙන් ආරම්භ වූ එන්සෙෆ් බෞද්ධ පාසල ආරම්භ කර කෙරිණි. එහි ආචාර්ය මණ්ඩලය වෙත වැටුපක් ලබා දීම හා විවිධ නවීකරණ කටයුතු සම්බන්ධයෙන් රජයේ අවශ්‍ය අවධානය යොමු කිරීමට කටයුතු කරන බව ගමගේ මහතා මෙහිදී සඳහන් කළේය.

    මෙහිදී වාර්ෂික ක්‍රීඩා උළෙලේ ජයග්‍රහණ අත්කරගත් දරු-දැරියන් වෙනුවෙන් ත්‍යාග සහ සහතික ප්‍රදානයට ද අමාත්‍යවරයා අතින් සිදු විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya