අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අලුත් රටක් සඳහා සියලු දෙනා එකට පෙළ ගැසිය යුතුයි - මුදල් ඇමැති

    පෙබරවාරි 13, 2016

    ඉතිහාසයේ දුර්වලතා නිවැරදි කරගනිමින්, අලුත් රටක් නිර්මාණය කරගැනීම සඳහා සියලු දෙනා එකට පෙළ ගැසිය යුතු බව, මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ප්‍රකාශ කරයි.

    අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ, වර්තමානයේ රට තුළ භීතියෙන් තොර යහපත් සමාජ වටපිටාවක් නිර්මාණය වී ඇති බවයි.


     
    අමාත්‍ය රවී කරුණානායක මහතා මේ බව කියා  සිටියේ ඊයේ (13) මට්ටක්කුලිය, කල්‍යාණි ගංගා විහාරස්ථානයේ පැවැති සෞඛ්‍ය කඳවුරට එක්වෙමිනි.

     

    උතුරු කොළඹ සංවර්ධන වැඩසටහනට සමගාමීව ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය, පොලිසිය හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එක්ව මෙම සෞඛ්‍ය කඳවුර සංවිධානය කර තිබුණි.

     

    එහිදී අදහස් දැක්වූ අමාත්‍ය රවී කරුණානායක මහතා කියා සිටියේ  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සමඟ සිදුකිරීමට යෝජිත ජර්මානු සංචාරයේදී මෙරට, නිෂ්පාදන කර්මාන්තයේ නිරතවූවන්ගේ නිෂ්පාදන ජගත් වෙළඳපොලට රැගෙන යාම සඳහා වන ක්‍රමවේද පිළිබඳවද අවධානය යොමු කරන බවයි.

     

    සෞඛ්‍ය කඳවුර ආරම්භ කිරීමේ අවස්ථාවට කල්‍යානි ගංගා  විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය කරපුටුගල රේවත හිමිපාණන් වහන්සේ සහ නාගරික මන්ත්‍රීවරුන් වන චමින්ද අලුත්ගෙදර, රෝයි බෝගහවත්ත, තරංග අතුරලිය,  යන මහත්වරු ඇතුළු ප්‍රදේශවාසීන් විශාල පිරිසක් සහභාගිවී සිටියහ .  

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya