මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මුඛ,හනුක හා වක්ත‍්‍ර ශල්‍ය වෛද්‍යවරුන්ගේ ජාත්‍යන්තර දිනය අදයි

    පෙබරවාරි 13, 2016

    2016 වසරේ මුඛ, හනුක හා වක්ත‍්‍ර ශල්‍ය වෛද්‍යවරුන්ගේ ජාත්‍යන්තර දිනය අද දිනට (13) යෙදී තිබේ.

    ජාත්‍යන්තරව සමරනු ලබන මුඛ, හනුක හා වක්ත‍්‍ර ශල්‍ය වෛද්‍යවරුන්ගේ ජාත්‍යන්තර දිනය කොළඹ, මහජන පුස්තකාල ශ‍්‍රවණාගාරයේ දී සමරනු ලැබීය.

     

    එහිදී මේ පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම අරමුණු කොට ගෙන වැඩසටහන් මාලාවක් මුඛ, හනුක හා ක්ත‍්‍ර ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමය විසින් සංවිධානය කොට තිබුනි.

     

    මහජනතාව දැනුවත් කිරීෙමි පාගමන්, චිත‍්‍ර හා ඡායාරූප ප‍්‍රදර්ශණ ද එම චිත්‍ර තරඟවලට සහභාගිව ජයග‍්‍රහණ හිමි කරගත් පිරිස් වෙත ත්‍යාග ප‍්‍රධානය සහ සම්මන්ත‍්‍රණ පැවැත්වීමට ද කටයුතු යොදා තිබුනි.  

     

    කොළඹ මහජන පුස්තකාල ශ‍්‍රවණාගාරයේ දී පැවැති මෙම සැමරුම් උත්සවයට සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ෆයිසාල් කාසීම් මහතා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (දන්ත සේවා) වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා,  මුඛ, හනුක හා චක්ත‍්‍ර ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමයේ ලේකම් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya