අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාසල් විශිෂ්ට ව්‍යවහාර ඇගයීම් සම්මාන ප්‍රදානය හෙට

    පෙබරවාරි 14, 2016

    අධ්‍යාපන අමාත්‍යංශ කළමනාකරණ ප්‍රමිති ඒකකය වාර්ෂිකව සංවිධානය කරන පාසල් අධ්‍යාපනයේ ගුණාත්මක තහවුරුව සම්බන්ධ වාර්ෂික සමුළුව සහ 2015 වසරේ පාසල්වල ක්‍රියාත්මක කළ විශිෂ්ට ව්‍යවහාර ඇගයීමේ සම්මාන ප්‍රදානෝත්සවය හෙට (15) අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයේ දී පැවැත්වේ.

    විශිෂ්ට ව්‍යවහාර ඇගයීමේ වැඩසටහන යටතේ 2015 වර්ෂයේ තෝරාගත් පාසල් 65ක් සඳහා සම්මාන ප්‍රදානය හා පාසල් 120ක් සඳහා සහතික පත්‍ර පිරිනැමීමට නියමිතය.

     

    "අපේ පාසල කොතරම් ගුණාත්මක ද?" යන මාර්ගෝපදේශයට අනුව පාසල්වල අභ්‍යන්තර හා බාහිර ඇගයීම් වැඩසටහන් යටතේ අභ්‍යන්තර ඇගයීම පාසල විසින් ම සිදු කරන අතර අධ්‍යාපන අමාත්‍යංශය, පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු හා කලාප අධ්‍යාපන කාර්යාලවල නිලධාරීන් විසින් බාහිර ඇගයීම් වැඩසටහන් ක්‍රියාත්මක කෙරේ.

     

    සෑම වසරකම ජාතික, පළාත් හා කලාප මට්ටමෙන් ඇගයීමට ලක් කරන ලද සියලුම පාසල්වල ඇගයීමේ ලකුණු ඇතුළත් කොට කළමනාකරණ හා ප්‍රමිති ශාඛාව මඟින් පාසල් අධ්‍යාපනයේ ගුණාත්මක තහවුරුව සම්බන්ධ වාර්ෂික වාර්තා සකස් කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya