අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සැමට සමාන ලෙස නීතිය බලපායි - ඇමැති සරත් අමුණුගම

    පෙබරවාරි 12, 2016

    දූෂණය, වංචාව පිටු දැකීම සහ රටේ නීතීරීති සියලු දෙනාටම සමාන ලෙස බලපාන සමාජයක් ඇති කිරීම යන කරුණු දෙක බැහැර කිරීමට නොහැකි බව විශේෂ ව්‍යාපෘති අමාත්‍ය සරත් අමුණුගම මහතා පවසයි.

    වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ අද (12) පැවති මාධ්‍ය හමුවක දී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

     

    පසුගිය වසරේ පැවති ජනාධිපතිවරණයේ දී සහ මහා මැතිවරණයේ දී දූෂණය, වංචාව පිටු දැකීම සහ රටේ නීති රීතිවලට අනුකූලව සමාජය ක්‍රියාත්මක විය යුතුය කරුණු දෙකම මෙරට ජනතාවද පිළිගත් බව එම ඡන්ද ප්‍රතිඵලවලින් පැහැදිලිව පෙනී යන බව ප්‍රකාශ කළ අමාත්‍යවරයා, වර්තමාන රජය මේ යටතේ යම් යම් ක්‍රියාමාර්ග මේ වන විට ක්‍රියාත්මක කරමින් පවතින බව පෙන්වා දුන්නේය.

     

    ඒ අනුව යම් යම් දූෂණ හා වංචා සම්බන්ධයෙන් මේ වන විට නඩු පැවරීම් සිදු කරමින් පවතින අතර, මෙහි දී කුමන පුද්ගලයෙක්, කුමන ආයතනයක් නඩු පැවරීම සිදුකළ ද එහි දී චෝදනා පත්‍රයක් පැවතීම සහ නීතිපතිවරයාගේ අනුමැතිය ලබා තීබිම අත්‍යාවශ්‍ය බව ද ඒ මහතා පැවසීය.

     

    ඇතැම් පිරිස් මේ සම්බන්ධයෙන් නොයෙක් ආකාරයේ චෝදනා හා වාද විවාද ඉදිරිපත් කළ ද එම නඩු ඉදිරිපත් කරන්නේ නීතිපතිවරයාගේ අනුමැතිය මත බව අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya