මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නුවරඑළිය දිස්ත‍්‍රීක් නව මහ රෝහලට ජුනි මස ජනතා අයිතියට

    පෙබරවාරි 13, 2016

    2013 - 2017 පස් අවුරුදු සෞඛ්‍ය සංවර්ධන සැළැස්ම යටතේ ඉදිවන ප‍්‍රථම රෝහල වශයෙන් රුපියල් කෝටි 668 ක වියදමින් ඉදිවන නුවරඑළිය දිස්ත‍්‍රීක් නව මහ රෝහලට ජුනි මස ජනතා අයිතියට පත් කෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

     

    දැනට පවත්නා නුවරඑළිය දිස්ත‍්‍රීක් මහ රෝහල වසර 100 කට වඩා පැරණි රෝහලකි. මෙම රෝහල මගින් නුවරඑළියේ සහ යාබද දිස්ත‍්‍රික්කවල ලක්ෂ 07 කට අධික ජනගහනයකට විශේෂඥ වෛද්‍ය සේවා ඇතුළු වෛද්‍ය පහසුකම් සපයනු ලබයි.

     

    නමුත් දැනට මෙම රෝහලේ තිබෙන යටිතල පහසුකම් පැරණිවීම හා කල්ඉකුත්වීම නිසා රෝගී සත්කාරක සේවාවන් වැඩිදියුණු කිරීම අපහසු වී ඇත. ෙමි නිසා හැටන්, මස්කෙළිය, නොර්ටින් බ්‍රිජ්,වැලිමඩ, වලපනේ, හගුරන්කෙත හා පුස්සැල්ලාව ආදී ප‍්‍රදේශවල හා වතු ජනතාවට ගුණාත්මකබවින් ඉහළ සෞඛ්‍ය සේවාවක් සැපයීමට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නව රෝහලක් ඉදිකිරිමට කටයුතු යොදා ඇත.

     

    නෙදර්ලන්ත ණය ආධාර යටතේ ඉදිවන නුවරඑළිය දිස්ත‍්‍රීක් නව මහ රෝහලට මුල්ගල තැබීම ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා, එවකට සෞඛ්‍ය අමාත්‍යවරයාව සිටිය දී සිදු කරන ලදි.

     

    මෙම නව රෝහල ඉදිකිරීම සඳහා නෙදර්ලන්තයේ කෝපරේටිවි සෙන්ට‍්‍රාලේ රයිෆිෂන් බෙරෙන්ලීන් බැංකුවේ මුල්‍ය ප‍්‍රතිපාදන වලින් සියයට 85 ක් සපයන අතර, මහජන බැංකුව සියයට 15 ක මුල්‍ය ප‍්‍රතිපාදන දරයි. ඒ අනුව මෙම රෝහල ඉදිකිරීම සඳහා වැයකරන මුදල රුපියල් දසලක්ෂ 6686කි.ඇඳන් 650 කින් සමන්චිත මෙම රෝහලේ ගොඩනැගිලි මහල් 06 කින් යුක්තය.

     

    නවීනතම වෛද්‍ය උපකරණ, බාහිර රෝගී අංශය, හදිසි ප‍්‍රතිකාර සේවා, සායන පහසුකම්, ශල්‍යගාර 06 ක්, වාට්ටු 26 ක්, ඇඳන් 16 කින් සමන්චිත දැඩිසත්කාර ඒකකයක්, ලේ බැංකුව, වෛද්‍ය රසායනාගාරය, අධිකරණ වෛද්‍ය ඒකකය, ආපනශාලා, සායනික අපද‍්‍රව්‍ය අපහරන පද්ධතිය, ගිලන්රථ සේවා, මධ්‍යම ජීවානුහරණ
    ඒකකය, කාර්ය මණ්ඩල සඳහා නේවාසික පහසුකම්, ඔසුසල, ගබඩා ඇතුළු සියළු පහසුකම්වලින් මෙම නව රෝහල සමන්චිත වෙයි.

     

    2013 - 2017 පස් අවුරුදු සෞඛ්‍ය සංවර්ධන සැළස්ම යටතේ ඉදිවන මෙම රෝහලෙහි වැඩකටයුතු මේ වනවිටසියයට 90 ක් පමණ අවසන් ව ඇත. ඒ අනුව මෙම රෝහල මෙම වසරේ ජුනි මස ජනතා අයිතියට පැවැරීමට අවශ්‍ය සියලු පියවර සෞඛ්‍ය අමාත්‍යාංශය ගෙන ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya