අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාකිස්ථාන බාස්මතී සහල් සතොස ආයතනය හරහා පාරිභෝගිකයාට

    පෙබරවාරි 11, 2016
    ශ්‍රී ලංකාව හා පාකිස්ථානය අතර ක්‍රියාත්මක වන නිදහස් වෙළඳ ගිවිසුම යටතේ පාකිස්ථානයෙන් ශ්‍රී ලංකාවට තීරුබදු රහිතව ආනයනය කරනු ලබන උසස් තත්වයේ බාස්මතී සහල් සතොස ආයතනය හරහා පාරිභෝගිකයාට ලබා දීමට කටයුතු කරන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.
    අමාත්‍යවරයා මෙසේ පැවසුවේ අද (11 දා) කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේදී ශ්‍රී ලංකාවේ නියෝජ්‍ය පාකිස්ථාන මහකොමසාරිස් සාර්ෆස් අහමඩ් කාන් සිප්රා මහතා ( Sarfarz Ahamed Khan Sipra ) මුණ ගැසුණු අවස්ථාවේදීය.
     
    මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා සතොස මඟින් මෙලෙස බාස්මතී සහල් සෘජුවම පාකිස්ථානයෙන් ලබා ගැනීමෙන් පාරිභෝගිකයාට මෙම උසස් තත්වයෙන් යුත් බාස්මතී සහල් අඩු මිලට සතොස ආයතනයෙන් මිලදී ගැනීමේ අවස්ථාව ලැබෙන බව පැවසීය.
     
    2002 වසරේ සිට ශ්‍රී ලංකාව - පාකිස්ථානය අතර නිදහස් වෙළඳ ගිවිසුම ක්‍රියාත්මක අතර එම ගිවිසුම යටතේ භාණ්ඩ 4,000 ක් සඳහා දෙරට අතර තීරුබදු රහිතව ආනයනය - අපනයනය කිරීමට පහසුකම් සපයා දී ඇත.
     
    2011 අගෝස්තු මස පැවති ශ්‍රී ලංකා - පකිස්ථාන ඒකාබද්ධ ආර්ථික කොමිසමේ 4 වන සැසිවාරයේදී ශ්‍රී ලංකාවට වසරකට පාකිස්ථානයෙන් බාස්මතී සහල් මෙට්‍රික් ටොන් 6,000 ක් තීරුබදු රහිතව ආනයනය කිරීමට අවස්ථාව ලබාදුන් අතර මෙතෙක් එම තීරුබදු රහිත බාස්මතී සහල් ආනයනය පුද්ගලික අංශය විසින් පමණක් සිදුකරන ලදී.
     
    ශ්‍රී ලංකාවේ වාර්ශික සහල් නිෂ්පාදනය මෙට්‍රික් ටොන් මිලියන 5 ක් පමණ වන අතර මීට අමතරව බාස්මතී වැනි විශේෂ සහල් වර්ග මෙට්‍රික් ටොන් 20,000 ක් වාර්ශිකව ආනයනය කරනු ලබයි.  2014 වර්ශයේදී ශ්‍රී ලංකාවේ වාර්ෂික සහල් පරිභෝජනය මෙට්‍රික් ටොන් මිලියන 2.7 වන අතර එය 2011 දී මෙට්‍රික් ටොන් මිලියන 2.8 ක්විය. වාර්ෂික ඒක පුද්ගල සහල් පරිභෝජනය කිලෝ ග්‍රෑම් 90 – 100 අතර අගයක් ගනී.
     
    AP
     
      

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya