අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආණ්ඩ්‍රක්‍රම ව්‍යවස්ථා සංශෝධන පිළිබඳව මාතර දිස්ත්‍රික්කයේ මහජන අදහස් විමසීම

    පෙබරවාරි 11, 2016
    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පිළිබඳව මාතර දිස්ත්‍රික්කයේ මහජන අදහස්  ලබා ගැනීම  ඊයේ සහ අද මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ගාමිණී ජයසේකර ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පිළිබඳ මහජන අදහස් විමසීම සඳහා පත්කර ඇති කමිටුවේ සාමාජිකයින් වන ආචාර්ය උපුල් අබේරත්න , සුනිල් ජයරත්න , සිරිමසිරි හපුආරච්චි , එස්.සි.සි.එලංගකෝවන් සහ එම්.කේ.නදීකා දමයන්ති යන මහත්ම මහත්මීන්ගේ මූලිකත්වයෙන්  මෙම අදහස් විමසීම සිදු කෙරේ.
     
    එහි දී රාජ්‍යයේ ස්වභාවය, ආණ්ඩුක්‍රමයේ ස්වරූපය (විධායක ජනාධිපති හෝ පාර්ලිමේන්තු ක්‍රමය), ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික ව්‍යුහය, පුරවැසිභාවය,ආගම, මූලික අයිතිවාසිකම් හා යුතුකම්, භාෂා අයිතිය,කණ්ඩායම් අයිතිය හා රාජ්‍ය ප්‍රතිපත්ති මෙහෙයවීමේ මූලධර්ම, ව්‍යවස්ථාදායකය (ඒක මණ්ඩල / ද්වී මණ්ඩල), පාර්ලිමේන්තු ස්වාධිපත්‍යය / ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ උත්තරීතර භාවය, ව්‍යවස්ථාදායකය, විධායකය හා අධිකරණය අතර බලය වෙන්කිරීම, අධිකරණයේ ස්වාධීනත්වය සහ අධිකරණ ව්‍යුහය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව, බල හවුල්කාරීත්වය, බලය පැවරීම හා පළාත් පාලනය, කේන්ද්‍රයේ බල හවුල්කාරීත්වය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය හා ස්වාධීන කොමිෂන් සභා, රාජ්‍ය සේවය, මැතිවරණ ප්‍ර‍තිසංස්කරණ,පනත් පිළිබඳ අධිකරණ අධීක්ෂණය, පාර්ලිමේන්තු ක්‍ර‍මය යටතේ ජනාධිපතිගේ බලතල, පාර්ලිමේන්තු ක්‍ර‍මය යටතේ ජනාධිපති පත්කිරීම, මහජන ආරක්‍ෂාව, මූල්‍ය පරිහරණය සහ වෙනත් කරුණු ආදී ශීර්ෂ යටතේ මහජන අදහස් විමසා බැලේ.‍
     
    තම අදහස් ලිඛිතව හා වාචිකව කමිටු සාමාජිකයින් වෙත ලබා දීම සඳහා ඊයේ (10) දිනයේ දී පමණක් 70 ට අධික පිරිසක් 
    පැමිණ සිටි අතර  දිස්ත්‍රික් මට්ටමේ හමුවීම අද (11)  දින ප.ව.4.30න් අවසන් වීමට නියමිත ය.
     
    මෙම කමිටුව වෙත ලැබෙන මහජන අදහස් සහ යෝජනා ඇසුරින් විශේෂ වාර්තාවක් සකස් කොට නව ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාවක් සකස් කිරිම සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
     
    AP/DMU-Matara
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya