අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ දුෂණ අක්‍රමිකතා පිළිබඳ පැමිණිලි රැසක්

    පෙබරවාරි 11, 2016
    ධීවර හා ජලජ සමපත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පසුගියදා පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ හදිසි නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
    මත්ස්‍ය වෙළඳ සංකීර්ණය වෙත පැමිණි රාජ්‍ය අමාත්‍යවරයා වෙළඳාමේ නිරත අයගෙන් පවතින ගැටළු හා අපහසුතා පිළිබඳව කරුණු විමසීය. මාළු මිළදී ගැනීම සඳහා එහි පැමිණ සිටි ජනතාව ද හමුවූ අමාත්‍යවරයා ඔවුන් මුහුණ දෙන ගැටළු පිළිබඳව ද කරුණු විමසීය.
     
    මත්ස්‍ය වෙළඳ සංකීර්ණය පුරා ඇවිද යමින් එහි කටයුතු අඩුපාඩු හා පාරිභෝගික ජනතාවට මුහුණ පෑමට සිදුව ඇතැයි පැවසෙන විවධ ගැටළු පිළිබඳ නිරීක්ෂණය කළේය.
     
    ජනාධිපතිවරයා හා  අග්‍රාමාත්‍යවරයා වෙත මෙන්ම අමාත්‍යවරයා වෙත ලැබී තිබු පැමිණිලි හා පෙත්සම් පිළිබඳව පෞද්ගලිකව සොයා බලා වාර්තාවක් ලබා දෙන්නැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ලබා දී තිබූ උපදෙස් මත ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා මෙම හදිසි නිරීක්ෂණ චාරිකාවට සහභාගී විය. අනතුරුව මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ ව්‍යාපාරිකයින්, සේවකයින් නිලධාරීන් ඇතුළු පැමිණි පිරිස් සමඟ පවතින ගැටළු  පිළිබඳව  සාකච්ඡා කළ අතර එහිදී  ව්‍යාපාරිකයින් අවධාරණය කළේ එහි විශාල අක්‍රමිකතාවන් සිදුවන බවය. එම දුෂණ අක්‍රමිකතා වළක්වා එක් මාළු ලෑල්ලක් වෙනුවෙන් අයකරන රුපියල් 40,000 ක මුදල අඩුකර දෙන ලෙස ඉල්ලා සිටියහ. 
     
    මැසි මදුරු පාලනය සඳහා යැයි පවසමින් මාසිකව රුපියල් ලක්ෂ තුනහමාරක මුදලක් වැයකලත් එවැනි මැසි මදුරු පාලනයක් සිදුවන බවත් තමන් නොදන්නා බව  ව්‍යාපාරිකයින් දිගින් දිගටම කරුණු ඉදිරිපත් කළහ. එහිදී අමාත්‍යවරයා අවධාරණය කළේ එම ගැටළු, තමන් සොයාගත් කරුණු මෙන්ම තම නිරීක්ෂණයට ලක් වූ සිද්ධීන් පිළිබඳ සවිස්තර වාර්තාවක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත කඩිනමින් ලබා දීමට කටයුතු කරන බවය.
     
    මෙහිදී  අමාත්‍යවරයා අවධාරණය කළේ ධීවර කර්මාන්තයේ සැබෑ ලෙසම නිරතව සිටින්නන් වෙනුවට රට මැද පදිංචි විවිධ පුද්ගලයන්ට දේශපාලන නෑදෑ හිතවත්කම් මත මාළු ලෑලි ලබා දී ඇතිබව මෙහිදී තහවුරු වූ බවය.
     
    පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ මාළු ලෑලි 154 න් ලෑලි 102 ක්ම අයථා ක්‍රමයට ලබා දී ඇති බවට පිළිගත හැකි කරුණු ඉදිරිපත් වූ බව මෙහෙදී කියා සිටි අමාත්‍යවරයා ඒ පිළිබඳව ධීවර අමාත්‍යවරයා සමඟ සාකච්ඡා කර ජනාධිපතිතුමාට හා  අග්‍රාමාත්‍යතුමාට කරුණු පෙන්වා දී ධීවරයාත් මාළු වෙළෙන්දත් පාරිභෝගිකයාත් යන පාර්ශව වලට සාධාරණයක් ඉටු කිරීමට කටයුතු කරන බවද අවධාරණය කළේය.
     
    AP
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya