මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බේස්ලයින් දුම්රිය හරස් මාර්ගය අළුත්වැඩියාවක් සඳහා තාවකාලිකව වසා දැ‍මේ

    පෙබරවාරි 11, 2016

    කැළණි වැලි දුම්රිය මාර්ග‍යේ ‍බේස්ලයින් දුම්රිය හරස් මඟ සම්පූර්ණ අලුවැඩියාවක් සඳහා තාවකාලිකව වසා දැ‍මෙන බව ශ්‍රී ලංකා දුම්රිය ‍සේවය නි‍වේදනය කරයි.

    මෙම හරස් මාර්ග‍යේ ඇති තාර තට්ටුව ගල් සහ පස් ඉවත් කර තාවකාලික හරස් මඟක් සඳහා අද (11) පස්වරු 07.00 සිට ‍හෙට උදෑසන 05.00 දක්වා එම මාර්ග‍යේ අඩක් වසා දැමීම සිදු ‍වේ.

     

    අනතුරුව සම්පූර්ණ අලුත්වැඩියාව සඳහා ‍හෙට (12) සිට දින තුනක් (12/13/14) පස්වරු 07.00 සිට උදෑසන 05.00 දක්වා එම මාර්ග‍‍යෙන් අඩක් වසා දැ‍මෙන අතර 14 වැනිදා රාත්‍රී 10.00 සිට පසුදා උදෑසන 05.00 දක්වා සම්පූර්ණ‍යෙන්ම වසා තැබීමට නියමිතය.

     

    ‍එබැවින් ‍මෙම ‍බේස්ලයින් දුම්රිය හරස් මාර්ගය වසා තැ‍බෙන කාලය තුළ විකල්ප මාර්ග භාවිතා කරන ‍ලෙස ශ්‍රී ලංකා දුම්රිය ‍සේවය දන්වා සිටියි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya