අප්‍රේල් 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පළාත් පාලන ආයතනවල කැළිකසල කළමනාකරණයට කඩිනම් වැඩපිළි‍වෙළක් -නියෝජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න

    පෙබරවාරි 11, 2016

    සියලු පළාත් පාලන ආයතනවල කැළිකසල කළමනාකරණය සදහා කඩිනම් වැඩපිළිවෙලක් ගෙන එන බව මහවැලි සංවර්ධන හා පරිසර නියෝජ්‍ය අමාත්‍ය නිතීඥ අනුරාධ ජයරත්න මහතා පැවසීය.

    කටුගස්තොට, නවයාලතැන්න පළාත් පාලන පුහුණු ආයතනයේ දී ඉකුත්දා පැවති මහනුවර දිස්ත්‍රික් පළාත් පාලන ආයතන කැළිකසල කළමනාකරණය පිළිබදව එහි නියෝජිතයන් දැනුවත් කිරීමේ අවස්ථා‍වේ දී නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කරනු ලැබීය.

     

    මහනුවර දිස්ත්‍රික් පළාත් පාලන ආයතන 22ක කැළිකසල කළමනාකරණය පිළිබදව එහි නියෝජිතයන් දැනුවත් කොට අදහස් ලබා ගැනී‍ම ‍මෙහි දී සිදුවිය. ඝන අපද්‍රව්‍ය කළමනාකරණය සදහා වූ නව වැඩපිළිවෙල යටතේ එක් පළාත් පාලන ආයතනයකට රුපියල් මිලියන දෙකක මුදලක් හා අවශ්‍ය උපකරණ ‍මෙන්ම සෙසු පහසුකම් ද ලබාදීමට සැලසුම් කර ති‍බේ.

     

    "මහනුවර දිස්ත්‍රික්කයේ පළාත් පාලන 22හි දිනකට ‍කැළිකසල මෙට්‍රික් ටොන් දෙසීයක් පමණ එකතු වෙනවා. මහනුවර මහ නගර සභාව සතු බලප්‍රදේශයේ පමණක් දිනකට ඉවතලන ප්‍රමාණය ටොන් එකසිය පනහයි. මහනුවරට විසදුම් ලබා දීමට හැකියාව ලැබුණ හොත් තවත් පළාත් පාලන ආයතන එකොළහකට ඉතා පහසු විසදුම් ලබා දිය හැකියි. ඝන අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීයකරණයේදී අධික විදුලි බලයක් වැය වන ව්‍යාපෘති කිහිපයක් මේ වන විට අසාර්ථකත්වයට පත්ව තිබෙනවා. මේ නිසා ආදර්ශයක් වශයෙන් මහනුවර ගොහාගොඩ ව්‍යාපෘතිය කඩිනමින් ආරම්භ කිරීමට පියවර ගන්නවා" යැයි නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

     

    "කැළිකසල බැහැර කරමින් කළමනාකරණය කිරීම සදහා පසුගිය කාලවල විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කළත් එහි ගැටලුව වුණේ ආරම්භ කළ ව්‍යාපෘතිය නොව එය අඛණ්ඩව නිසි පරිදි ක්‍රියාත්මක නොකිරීමයි. ව්‍යාපෘතිය ආරම්භයේ සිට වර්ෂ කිහිපයක් හොදින් ක්‍රියාත්මක කොට පසුව එය අඩාල වන්නේ නම් එහි වරද ඇත්තේ ව්‍යාපෘතියේ නොව එය ක්‍රියාත්මක කරන පුද්ගලයන් මතයි. ඒ නිසා පළාත් පාලන ආයතනවල වගකීම වන්නේ ආරම්භ කළ ව්‍යාපෘති නිසි අයුරින් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට සිය උපරිම දායකත්වය ලබාදීමයි. රටේ නායකත්වය මේ සදහා නිසි නායකත්වය ලබා දුන්නත් එය විධිමත් අයුරින් ක්‍රියාත්මක නොවන්නේ නම් ජනතා හිතවාදී සේවයක් ඉටු කළ නොහැකියි යනු‍වෙන් නි‍යෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරනු ලැබීය.

     

    මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක, මහනුවර පුරපති සේන දිසානායක මහතා ඇතුළු මහජන නියෝජිතයන් හා මධ්‍යම පරිසර අධිකාරිය, ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය සහ පළාත් පාලන ආයතන ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් මෙම වැඩසටහන සදහා සහභාගීව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya