අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනාධිපතිතුමාගේ ජර්මානු සංචාරය ශ්‍රී ලංකාවට වාසී රැසක් උදාකරනවා-නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා

    පෙබරවාරි 11, 2016

    ශ්‍රී ලංකාව, ජර්මනිය සමඟ පවතින්නා වූ මිත්‍රත්වය වර්ධනය කරගැනීම ඔස්සේ බොහෝ ආර්ථික වාසී ලබාගත හැකි බව විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.

    ජනාධිපතිතුමාගේ ජර්මානු හා ඔස්ට්‍රියානු සංචාරය පිළිබඳව අදහස් දක්වමින් ඊයේ (10) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.

     

    "ජර්මනිය හා ශ්‍රී ලංකාව බොහෝ සමානකම් ඇති රටවල් දෙකක්. ජර්මනියේ මර්කල් රජය සාර්ථකව වසර 10ක් ක්‍රියාත්මක වූ සභාග ආණ්ඩුවක්. මේ වනවිට යුරෝපයේ බලවත්ම රට ලෙස පරිවර්ථනය වී තිබෙන ජර්මනියේ ඇත්තේ ප්‍රධාන පක්ෂ 02ක් පමණයි. එම පක්ෂ දෙකම එක්ව ජර්මනිය ලෝකයේ අපනයන වලින් සාර්ථකම රට බවට පත් වී තිබෙනවා. එය ශ්‍රී ලංකාවට හොඳ උදාහරණයක්. රටක ප්‍රධාන පක්ෂ දෙක එකට එක්ව සාර්ථකව ගමන් කරන අවස්ථාවක්."  යැයි අමාත්‍යවරයා පැවසීය.

     

    ජර්මනියේ පවතින්නේ මිශ්‍ර මැතිවරණ කමයක්. මෙරට මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමේ දී ජර්මන් මැතිවරණ ක්‍රමයේ පවතින දේවල් ලංකාවට සුදුසු ලෙස යොදාගැනීම සම්බන්ධයෙන් එරට චනේසලර්වරිය සමඟ මෙම සංචාරයේ දී සාකච්ඡා කිරීමට ද ජනාධිපතිතුමා බලාපොරොත්තු වනවා. ශ්‍රී ලංකාවේ GSP+ බදු සහනය නැවත ලබාගැනීම සඳහා ජර්මන් රජයේ සම්පූර්ණ සහයෝගය ඵලකරන බව ජර්මනියේ වි‍දේශ කටයුතු අමාත්‍යවරයා මේ වන විටත් යුරෝපා සංගමයට නිල වශයෙන් දැනුම් දී තිබෙනවා. මෙවැනි දැඩි සබඳතා වඩ වඩාත් තහවුරු කරගැනීමටයි ජනාධිපති තුමා ජර්මනියට යන්නේ යයි අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කරනු ලැබීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya