අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කුරුඳු වගාව ප්‍රචලිත කිරීම වෙනුවෙන් දීපව්‍යාප්ත පුහුණු වැඩසටහනක්...

    පෙබරවාරි 11, 2016
    කුරුඳු වගාව ප්‍රචලිත කිරීම වෙනුවෙන් පවත්වන දීපව්‍යාප්ත පුහුණු වැඩසටහන් මාලාවේ සමාරම්භක වැඩසටහන පසුගියදා  අම්පාර අම්පාර පොල්වත්ත සම්පත් ශාලාවේ දී ආරම්භ විය.
    ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මැතිතුමාගේ සංකල්පයක් අනුව ආරම්භ වු මෙහි සමාරම්භක වැඩ සටහන සඳහා දැනට කුරුඳු වගා ක්ෂේත්‍රයේ නියුතු සහ අලූතින් මෙම වගාවට යොමු වීමට අපේක්ෂා කරන සිය දෙනෙකු පමණ සහභාගී වී සිටියහ.
     
    මෙහි දෙවැනි වැඩසටහන පැවැත්වුණේ, අම්පාර වඩිනාගල ඉසිපතනාරාම විහාරස්ථානයේ දී ය. මේ සඳහා ද දැනට වගාවේ නියුතු හා අලූතින් මෙම වගාවට යොමු වීමට උනන්දුවක් දක්වන සිය දෙනෙකු පමණ සහභාගී වූහ.
     
    මේ වන විට ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කෙරෙන කුරුඳු සඳහා ලෝක වෙලඳපොළ තුළ ඉහළ ඉල්ලූමක් පවතියි. තේ සහ ඇගලූම් හැරුණු විට සන්නාමික වටිනාකමක් සහිතව අනන්‍ය ඉල්ලූමක් පවතින, වැඩිම අපනයනයක් සහිත නිෂ්පාදනය වන්නේ ද කුරුඳුය. 
     
    කුරුඳු ප්‍රාථමික ප්‍රතිඵල ලෙස අපනයන කිරීම වෙනුවට අගය එකතු කරමින්, ඉහළ ආකර්ශනයක් සහිතව අපනයනය කිරීමට අවශ්‍ය දැනුම හා අවබෝධය ලබා දීම ද මෙම වැඩසටහනේ මූලික අරමුණකි. මෙම වැඩසටහන පූර්ණ දින- න්‍යායාත්මක හා ප්‍රායෝගික වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක වේ.
     
    කුරුඳු වගා පුහුණු වැඩසටහන දියත් කිරීමේ සමාරම්භක වැඩසටහන සඳහා අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් නිහාල් රූපසිංහ මහතා ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.
     
    AP
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya