අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අද සිට 13 දක්වා තෙදින මදුරු මර්දන වැඩසටහනක්

    පෙබරවාරි 11, 2016

    බස්නාහිර පළාත ඇතුළු ඩෙංගු අධි අවධානම් දිස්ත‍්‍රික්ක 07 ක් මූලික කරගෙන පෙබරවාරි (11) අද සිට 13 දක්වා තෙදින මදුරු මර්දන වැඩසටහනක් ක‍්‍රියාත්මක කෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

    2016 වර්ෂයේ ජනවාරි මාසයේ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් ඇත. 2015 වර්ෂයේ දී ඩෙංගු රෝගීන් 29000 ක් සහ මරණ 56 ක් වාර්තා වී තිබුන අතර, 2016 වර්ෂයේ ජනවාරි මාසයේ දී මරණ 08 ක් සහ රෝගීන් 5000 ක් වාර්තා වී ඇත.

     

    කීට විද්‍යා සමීක්ෂණවලට අනුව පාසල්වලින් සියයට 54 ක, ගොඩනැගිලි හා ඉදිකිරීම් ස්ථානවලින් සියයට 36 ක,  ආගමික ස්ථානවලින් සියයට 40 ක, මදුරු කීටයන්
    බෝවන බව සොයාගෙන තිබේ.

     

    ඒ අනුව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතාගේ උපදෙස් මත සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාගේ සෘජු  අධීක්ෂණය යටතේ ජාතික ඩෙංගු මර්දන වැඩසටහන, ශ‍්‍රී ලංකා පොලීසිය, ත‍්‍රීවිධ හමුදාව සහ සෞඛ්‍ය අංශ ඒකාබද්ධව මේ වනවිට ඩෙංගු රෝගීන් වැඩිපුර වාර්තා වී ඇති බස්නාහිර පළාත සහ ඩෙංගු අධිඅවධානම් දිස්ත‍්‍රික්ක 07 ක් වන කෑගල්ල, යාපනය, වවුනියාව, පුත්තලම, මඩකළපුව, කුරුණෑගල, අම්පාර කේන්ද්‍ර කොට ගනිමින් පෙබරවාරි මස 11,12 සහ 13 යන තෙදින ඩෙංගු මර්ධන වැඩසටහනක් ක‍්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇත.  විශේෂයෙන්ම බස්නාහිර පළාත කේන්ද්‍ර කොට ගනිමින් මෙම වැඩසටහන අකුරටම ක‍්‍රීයාත්මක කිරීමට නියමිතයි. එමෙන්ම අපේ‍්‍රල් සහ මැයි මාස වලදී ප‍්‍රදේශ කිහිපයකට වැසි ඇදහැලීම හේතුවෙන් ජාතික ඩෙංගු මර්ධන සතියක් මාර්තු මස 29 සිට ක‍්‍රීයාත්මක කිරීමට ද නියමිතය. මුළු දිවයිනම ආවරණය වන පරිදි මදුරු මර්දන වැඩසටහන් මේ යටතේ ක‍්‍රියාත්මක කිරීමට නියමිතය.  

     

    සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ප‍්‍රතිකාර අංශ ශක්තිමත් කිරීමට අවශ්‍ය පියවර ගෙන තිබෙන අතර, දැඩි සත්කාර ඒකක සහ අධිසත්කාර ඒකක ද ස්ථාපිත කර, රසායනාගාර සේවාවන් ද ශක්තිමත් කර ඇත.  ආසාදිතයින් රෝහල්වලට පැමිණිෙමි ප‍්‍රමාදය නිසා රෝගී තත්ත්වය උත්සන්න වීමට හේතු වී තිබේ.

    අංගොඩ මුලික රෝහල, ජාතික බෝනොවන රෝග මර්දන මධ්‍යස්ථානය ලෙස නම් කර එය සංවර්ධනය කිරීමට රුපියල් බිලියනයක මුදලක් ලබා දී ඇත. තව ද එම රෝහලේ රුපියල් මිලියන 118 ක් වැය කරමින් ඩෙංගු අධිආරක්ෂිත ඒකකයක් ද ඉදිකිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සැළසුම් කර ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya