අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සැමට සෙවණ - විසිරි ණය, අනුරාධපුරයේදී

    පෙබරවාරි 11, 2016

    සැමට සෙවණ - විසිරි ණය වැඩසටහන යටතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ තෝරාගත් පවුල් 1000කට රුපියල් මිලියන 26.1ක නිවාස ණය පිරිනැමීම නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (12) සහ අනිද්දා (13) දෙදින තුළ ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇති බව නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශය සඳහන් කරයි.

    මේ අනුව හෙට දින අනුරාධපුර උතුරු මැද පළාත් සභා ශ්‍රවණාගාරයේ දී අනුරාධපුර බටහිර, හොරොව්පතාන සහ මැදවච්චිය යන මැතිවරණ කොට්ඨාසවල පවුල් 500ක් සඳහා නිවාස ණය ලබාදීමට නියමිතය.

    එසේම අනිද්දා තලාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී තලාව, කැකිරාව සහ මිහින්තලය යන මැතිවරණ කොට්ඨාසවල පවුල් 500කට නිවාස ණය ලබා දීම සිදු වේ.

    ප්‍රතිලාභීන්ට සිය නිවෙස් ඉදිකරගැනීම හෝ පවතින නිවෙස් වැඩි දියුණු කරගැනීම සඳහා මෙම ණය මුදල් යොදා ගැනීමට හැකි වේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya