අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තායි-ලංකා ව්‍යාපාර සබඳතා පුළුල් කෙරේ

    පෙබරවාරි 05, 2016

    ශ්‍රී ලංකා තායිලන්ත ව්‍යාපාර සබඳතා පුළුල් කිරීමේ අරමුණින් පැවැත්වෙන වැඩසටහන් කිහිපයක් සඳහා සහභාගී වීම සඳහා, එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක හා ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතා තායිලන්තයේ සංචාරයකට සහභාගී වී සිටි.

    මෙහිදී තායි-ශ්‍රී ලංකා ව්‍යාපාරික හමුවකට ද අමාත්‍යවරයා සහභාගී විය. තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ තායි කර්මාන්තකරුවන්ගේ සම්මේලනය විසින් මෙම සැසිය සංවිධාන කර තිබිණි.

     

    තායිලන්ත ජාතික සම්මන්ත්‍රණ මධ්‍යස්ථානයේ පැවති මෙම සැසිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අමාත්‍ය දයා ගමගේ මහතා ප්‍රමුඛ 18 දෙනෙකුගෙන් සමන්විත ධූත මණ්ඩලයක් සහභාගී වූහ.

     

    තායිලන්තයේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරික සමාගම් 40 ක් පමණ නියෝජනය කරමින් නියෝජිතයින් මේ සඳහා සහභාගී වී සිටියහ.

     

    පසුගිය වසරේ දී සිදු වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ තායිලන්ත සංචාරයට සමගාමීව මෙම ධූත මණ්ඩලය තායිලන්තයේ සංචාරය කරති.

     

    මේ අතර, අමාත්‍ය දයා ගමගේ මහතා ප්‍රමුඛ මෙරට ධූත පිරිස බැංකොක් නුවර පිහිටි භික්ෂූ රෝහල නිරීක්ෂණය කිරීම සඳහා ද සහභාගී වූහ. එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ, මෙරට ද එවැනි භික්ෂූ රෝහලක් ඉදිකිරීමේ අවශ්‍යතාවක් පවතින බවයි. ඒ සඳහා තායිලන්ත රෝහල ආකෘතික ආදර්ශයක් කර ගත හැකි බව ද ඒ මහතා මෙහිදී සඳහන් කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya