පශු සම්පත් අංශයේ ඉදිරි දැක්ම පිළිබඳව පළාත් අමාත්‍යවරුන් හා නිලධාරීන් සමග පේරාදෙනිය සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තු ශ්‍රවනාගාරයේ පැවති සාකච්ඡාවේදී මෙසේ පැවසීය.
වැඩි දුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා.......
කිරි නිෂ්පාදනය සදහා එක් අවුරුද්දකට අපි මිලියන හතලිස්දහකට වැඩියෙන් මුදලක් විදේශිය රටවලට යවනවා. දවසකට කෝටි දහයකට වැඩියෙන් වියදම් කරනව. කිරි නිෂ්පාදනය වගේම මස් හා බිත්තර වලින් රට ස්වයං පෝෂිත වෙලත් නෑ ඒ අභියෝගයත් අපිට බාර ගන්න වෙලා තියෙනව.ඒ වගේම එකපැත්තකින් නැවුම් කිරි විදුරුවක සිහිනය රටේ ජනතාවට තියෙනව.
අපිට රටෙන් අපනයනය කරන්න පුළුවන් භාණ්ඩ ගණනාවක් තියෙනව කෘෂිකර්ම ක්ෂේත්‍රයේ. හැබැයි ඒ පහසුකම් තිබිය දී තවමත් අපි ගෙනෙනවා මුං ඇට ටික කුරහන් ටික මෙනේරි ටික පිටරටින්.මේ ආනයනය කරන ධාන්‍ය ප්‍රමාණය මෙට්‍රික්ටොන් දහ දාහට දොලොස් දාහට එහා.මේ ආනයනය කරන ධාන්‍ය ටික ගේන එක නවත්තන්න ඕනේ ඒක තමයි අපේ අපේක්ෂාව.
කිරි අතින් ස්ව්‍යංපෝෂිත කිරිමේ අභියෝගය දැන් අපිට තියෙනව.ඉස්සරට වඩා වයඹ පළාතේ කිරි නිෂ්පාදනය ක්‍රමයෙන් වැඩි වී ගෙන එනව.ඒ වගේම මිල්කෝ ආයතනය කිරි නිෂ්පාදනය වෙනුවෙන් ලොකු වෙහෙසක් දරනව.අළුතින් කර්මාන්ත ශාලා අපි හදාගෙන යනව.අඹේවෙල කර්මාන්ත ශාලාවත් අපි මේ වෙන කොට පුළුල් කරල තියෙන්නේ.
ඒ වගේම බඩල්ගමට අළුතින් කර්මාන්ත ශාලාවකුත් ඉදිකරල තියෙනව. ඒත් එක්කම නුවර තියෙන කර්මාන්තශාලාව අළුතින් උපකරණ දාලා ඒකත් පුළුල් කලා.ඒවගේම පශු සම්පත් අංශයේ වතු ටික දැන් ලාබ ලබන තත්වයට පත්වෙලා තියෙනව.
අපිට පුළුවන් වුනා විදේශිය රටවල ගවයින් මේ රටට ගෙන එන්න.ඉන්දියාවෙන් හා පකිස්ථානයෙන් මී හරක් හා එල හරක් ගේන්න අපි සැලසුම් කරල තියෙනව.ඒ සදහා වැඩ පිළිවෙලවල් රාශියක් අපි කරගෙන යනව.මේ සියළු දේ කරන්නේ කොහොම හරි රටේ අවශ්‍යතාවය ඉටුකරන්න වගේම ජනතාවගේ අවශ්‍යතාවය ඉටුකරන්නයි.
මෙම අවස්ථාවට පළාත් ඇමතිවරු මෙන්ම ග්‍රාමීය ආර්ථික අමාත්‍යංශයේ ලේකම් රේනුකා ඒකනායක ඇතුළු නිලධාරීන්ද එක්ව සිටියහ.
AP