අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දේශීය කලාව,සංස්කෘතිය නගාසිටුවීමට ජ්‍යේෂ්ඨ කලාකරුවන්ගේ අදහස් සහ යෝජනා අපේක්ෂා කරනවා-අධ්‍යාපන අමාත්‍ය

    පෙබරවාරි 05, 2016

    රටේ සංස්කෘතිය,කලාව සහ කලාකරුවන් නගාසිටුවීම වෙනුවෙන් නව රජය සෑම විටකම පෙනී සිටින බවත් ඒ සඳහා ජ්‍යේෂ්ඨ කලාකරුවන්ගේ අඳහස් සහ යෝජනා නිරන්තරයෙන් ම අපේක්ෂාකරන බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

    ශ්‍රී ලාංකීය කලා ක්ෂේත්‍රයේ අමරණීය නමක් තැබූ රක්මණී දේවි ශිල්පිණිය අනුස්මරණය කරමින් රුපියල් මිලියන 7.5ක මුදලින් නවීකරණය කරන ලද රුක්මනී දේවී රංග ශිල්ප කේන්ද්‍රය හා ශාලාවවිවෘත කිරීමේ උත්සවයට එක්වෙමිනි.


    ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන්ගේ සම්මුතිවාදී දේශපාලන ඇරඹුමෙහි වර්ෂ පූර්ණයට සමගාමීව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ මඟපෙන්වීමෙන් හා අධ්‍යාපන අමාත්‍ය අකිලවිරාජ් කාරියවසම් මැතිතුමාගේ මැදිහත්වීමෙන් නවීකරණය කෙරුණු මෙම රංග ශිල්ප කේන්ද්‍රය හා ශාලාව දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ සංකල්පයක් අනුව 1991 වසරේ දී ගොඩනගන ලද්දකි.

    රුමනී දේවී පිළිරුවට පුෂ්පේපහාර දැක්වීම හා ගුණසමරු දේශනය කලාසූරී සතිස්චන්ද්‍ර එදිරිසිංහ මහතා විසින් සිදු කළේ ය.

    ටවර්හෝල් රඟහල පදනම විසින් නිෂ්පාදිත සංයුක්ත තැටි කට්ටලයක් එහි අධ්‍යක්ෂ ජනරාල් ලයනල් ප්‍රනාන්දු මහතා විසින් අධ්‍යාපන අමාත්‍යවරයා වෙත පිරිනැමීම මෙහිදී සිදු විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya