අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සමෘද්ධිමත් ශ්‍රී ලංකාවක් ගොඩනැගීම කළ හැක්කේ නිදහස සමාජය තුළ ස්ථාපිත කිරීමෙනි

    පෙබරවාරි 04, 2016

    සමෘද්ධිමත් ශ්‍රී ලංකාවක් ගොඩනැගීම කළ හැක්කේ නිදහස සමාජය තුළ ස්ථාපිත කිරීමෙන් බව පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ සහ ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා 68 වැනි නිදහස් දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියි.


    ජනතාවට නිදහසේ සිතීමට හා නිදහසේ ක්‍රියාකිරීමට හැකි පසුබිම දැන් උදාවී තිබේ.ඒ සැබෑ මානව නිදහස අහිමි කළ යුගයක පීඩනයට නතු වූ ජනතාව නිදහස් නිවහල් දේශයක නිදහසේ ජීවත්වන්නටපැතූ බලාපොරොත්තු සඵල කිරීමකි.

     

    සමෘද්ධිමත් ශ්‍රී ලංකාවක් ගොඩනැගීම කළ හැක්කේ නිදහස සමාජය තුළ ස්ථාපිත කිරීමෙනි.අද අප අභිමානයෙන් පවසන ලොව කිසිම ජාතියකට නොදෙවෙනි අපේ අතීත ශ්‍රී විභූතිය, ගොඩනැගී ඇත්තේ ද එදා ලක්වැසියා නිදහස්ව හා නිවහල් ගෙවූ යුගවල පමණක් බව ඉතිහාසයෙන් සනාථ වේ.

     

    යටත් විජිතයෙන් මිදී ශ්‍රී ලංකාව ස්වාධීන රාඅජ්‍යයක් වීමේ ඓතිහාසික සංසිද්ධිය අනුස්මරණය කරමින් සියලු ලාංකිකයෝ 68 වැනි ජාතික දිනය අද අභිමානයෙන් යුතුව සමරති.

     

    නිදහසෙන් පසු ගෙවී ගිය 68 වසර තුළ රටවැසියා නිදහසේ සැබෑ අර්ථය අවබෝධ කොට ගෙන අර්ථ පූර්ණ නිදහසක් භුක්ති වින්දේ ද යන ප්‍රශ්නය අනාගත පරපුරට ඉතිරි නොකොට, ජනතාව අපේක්ෂා කරන සැබෑ නිදහස ස්ථාවර කිරීම වෙනුවෙන් අවශ්‍ය ව්‍යවස්ථාමය සංශෝධන හා ප්‍රතිසංස්කරණ සකස් වෙමින් තිබේ.

     

    නිදහස පතා අරගල කරන්නේත් නිදහස අහිමි කර ගන්නේත් මිනිසාමය. එහෙයින් ලබූ නිදහස ආරක්ෂා කර ගැනීමේ වගකීම පැවරී ඇත්තේ ද මිනිසාටමය.

     

    ආත්මීය වුවමනාවක් වන නිදහස අධ්‍යාත්මික බලවේගයක් බව අවබෝධ කරන්නේ ස්වයංපෝෂිත ශ්‍රී ලංකාවක් ගොඩනගන්නට එක්සත්ව කටයුතු කරන්නට මේ 68 වැනි නිදහස් සමරුවේ දී ප්‍රතිඥාදෙමු.

     

    මව්බිමේ නිදහස වෙනුවෙන් දිවි පිදූ සියලු දේශප්‍රේමීන්ට ජාතියේ උත්තමාචාරය පද කරමු.

     

    ගයන්ත කරුණාතිලක
    පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ සහ ජනමාධ්‍ය අමාත්‍ය
    ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායක

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya