අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අනාගත අභියෝග එකව සිට ජය ගත යුතුයි- ස්වදේශ කටයුතු ඇමැති

    පෙබරවාරි 04, 2016

    එදා මෙදා තුර ශ්‍රී ලංකාවේ ජීවත් වූ සහ ජීවත් වන සියලුම දෙනාම එක හදගැස්මකට නතුවන බවත් අප රටක් ලෙස සියලු ජයහණ ලබා ගත්තේ එක්ව සිටියදී මිස බෙදා වෙන්ව සිටියදී නොවන බවත් ස්වදේශ කටයුතු අමාත්‍ය අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි.

    68 වැනි ජාතික නිදහස් දින පණිවුඩයක් නිකුත් කරමින් ඒ මහතා මේ බව සඳහන් කරන අතර එම නිසා අනාගතයේ අභියෝග ජයග්‍රහණය කර ගත හැක්කේද, එක දම්වැලක පුරුක් මෙන්, එක හදගැස්මක් තුළ පිහිටා ක්‍රියාකිරීමෙන් බව ද පෙන්වා දී ඇත.

     

    එම නිසා ජාතික සංහිඳියාවෙන්, ආර්ථික ඉලක්ක සපුරාගෙන ලෝකයට විවෘත අනාගතයට පා තැබිය යුතුය යන “එකම දැයක් - මහ බලයක්“ අරමුණ පෙරදැරි කරගෙන මෙවර 68 වන ජාතික නිදහස් දින සැමරෙන බව ඒ මහතා සඳහන් කරයි.

     

    ආර්ථික, සමාජීය, දේශපාලන හා සංස්කෘතික නිදහස උපරිමයෙන්ම භුක්ති විඳින ශ්‍රී ලංකාවක් පිළිබඳ සිහිනය යථාර්ථයක් කර ගැනීමත්, විද්‍යාත්මක ජයග්‍රහණ අත්පත් කර ගන්නා සශ්‍රීක සොඳුරු අනාගතයක් පිළිබඳ අපේක්ෂා මුදුන් පත් කර ගැනීම අප රජයේ කඩිනම් වැඩපිළිවෙළ බව ද අමාත්‍යවරයා පෙන්වා දෙයි.

     

    වගකිවයුතු රජයක් ලෙස අපේ රට දිවි පරදුවට තබා රකින අතර යළිත් කිසිදා මේ රටේ ජාතීන් අතර අසමගිය නිර්මාණය වන්නට ඉඩ තබන්නේ ද නැති බවත් අප අද දවසේ භුක්ති විඳින නිදහස අනාගතයේදී අපේ දරුවන්ට ආරක්ෂා කර දීම රජයේ වගකීමක් බවත් අමාත්‍යවරයා සඳහන් කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya