අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ''නිදහස” සැබෑ ලෙසම අරුත් ගැන්වීම ශ්‍රී ලාංකීය පුරවැසියන් අප සැමගේ ඒකායන අරමුණ විය යුතුයි

    පෙබරවාරි 04, 2016

    ''නිදහස” සැබෑ ලෙසම අරුත් ගැන්වීම ශ්‍රී ලාංකීය පුරවැසියන් ලෙස අප සැමගේ ඒකායන අරමුණ විය යුතු බව 68 වන ජාතික නිදහස් දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින්  ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පවසයි.

    අමාත්‍යවරයා විසින් නිකුත් කළ නිදහස් දින පණිවුඩය-

    ශ්‍රේෂ්ඨ යුග පුරුෂයින් ගමන් ගත් අදීන මං සලකුණු ඔස්සේ සමස්ත ශ්‍රී ලාංකික ජාතිය 68 වැනි නිදහස් සැමරුමට ප්‍රවිෂ්ට වී තිබේ.  ''නිදහස” සැබෑ ලෙසම අරුත් ගැන්වීම ශ්‍රී ලාංකීය පුරවැසියන් ලෙස අප සැමගේ ඒකායන අරමුණ විය යුතුය.

     

    නිදහසෙන් පසු ගතවූ අතීතය අපහට ලබා දුන් දායාදයන් බොහෝය. හිමිවීම් මෙන්ම අහිමිවීම් ද ඒ අතර ඇත. අවනීතිය වෙනුවට නිතිය,මර්දනය වෙනුවට සුහදත්වය, අවමානය වෙනුවට අභිමානය, වෛරිත්වය වෙනුවට ස්වෛරීත්වය සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් සියලු ජනතාවට ලබා දෙන්නට නව රජය කැපවී සිටි.

     

    උදා වන හෙට දවසේ මෙම මාතෘ භුමිය තිරසාර සංවර්ධනයේ ඉලක්ක වෙත ඔසවා තැබීම සඳහා වනඅතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේත්, ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේත් නිර්ව්‍යාජ උත්සාහයේ කොටස් කරුවෙකු වීම මාගේ අභිප්‍රායයි. තවද සැබෑ නිදහස් වටපිටාවක් තුළ සංවර්ධනයේ අරුනළු පහස විඳීමට මා ද එක්වෙමි.

     

    නිරෝෂන් පෙරේරා,

    ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය,

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya