අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සෞභාග්‍යවත් දේශයක් ගොඩනැඟීමට සෑම සිරිලක් වැසියෙකුම එක්සත් බව සාමය හා ඉවසිල්ල වැඩීමට වෑයම් කරමු

    පෙබරවාරි 04, 2016

    සාමකාමී හ සෞභාග්‍යවත් දේශයක් ගොඩනැඟීම පිණිස සෑම සිරිලක් වැසියෙකුම එක්සත් බව  සාමය හා ඉවසිල්ල වැඩීමට වෑයම් කරනු ඇති බව  සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සංවිධානය නිදහස් දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියි.

    68 වන නිදහස් දිනය වෙනුවෙන් සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමාසංවිධානය විසින් නිකුත් කළ පණිවුඩය


    අප මවුබිම වන ශ්‍රී ලංකාවේ 68 වන නිදහස් දින සැමරුම වෙනුවෙන් සමස්ත ලංකා ජම් ඉයියතුල් උලමා සංවිධානය විසින් මෙම පණිවුඩය නිකුත් කරන්නේ ඉමහත් සතුටිනි.

    වසර 68කට පසු නිදහසේ පූර්ණ ජයග්‍රහනයන් සැමරීම සඳහා අපට ඉතිහාසය පුරා අභියෝග ගණනාවකට මුහුණ දීමට සිදුවිය.

     

    මේ වසරේ නිදහස් දිනයේ දී අප සිහිපත් කළ යුත්තේ සෑම ශ්‍රී ලාංකිකයකුම වත්මන් රජයේ යහපාලන රැකවරණය යටතේ සාමයෙන් හා සහජීවනයෙන් ද්වි ගෙවමින් රට සෞභාග්‍යය කරා ගෙනයා යුතු බවය.

     

    මේ බහු ජාතික රටෙහි බොදු,හින්ඩු,මුස්ලිම් හා ක්‍රිස්තියානි ඇතුළු සියලු දෙනා තම තමන්ගේ ආගමික ඉගැන්වීම් ගරු කරමින් හා අනෙක් ආගම්වලට ගරු කිරීමේ ආචාරධර්මය වැඩීම මඟින් සෞභාග්‍යය, සංවර්ධනය හා ප්‍රගතිය අත් කරගැනීමට නොකඩවාකටයුතු කළ යුතුය යන්න අපගේ යැදුම ද පතුමද වන්නේ ය.

     

    අප රටෙහි සංවර්ධනය,එරට ජනතවගේ එක්සත් බව හා දේශමාමකත්වය මත සපුරා ම යැපෙන්නේ ය. එබැවින් මේ මොහොතේ වැදගත්ම අවශ්‍යතව වන සියලු ප්‍රජාවන් හා ආගම් අතර එක්සත් බව හා සහජීවනය ළඟා කරගැනීම පිණිස ප්‍රායෝගික ප්‍රවේශයක් වර්ධනය කිරීම සෑම පුරවැසියකුගේම යුතුකම වන්නේ ය.

     

    එබැවින් සාමකාමී හ සෞභාග්‍යවත් දේශයක් ගොඩනැඟීම පිණිස සෑම සිරිලක් වැසියෙකුම එක්සත් බව  සාමය හා ඉවසිල්ල වැඩීමට වෑයම් කරනු ඇතැයි සමස්ත ලංකා ජම් ඉයියතුල් උලමා සංවිධානයපතන්නේ ය


    අශ්-ශයික් එම්.එම්.ඒ.මුබාරක්
    මහලේකම්
    සමස්ත කංකා ජම්ඉයියතුල් උලමා

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya