අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතියට මනුෂ්‍ය විශිෂ්ටත්වයේ දැක්ම ලබාදුන්නා වූ දීර්ඝ හා චිත්තාකර්ෂණීය ඉතිහාසයක් ශ්‍රී ලංකාව සතුවෙයි

    පෙබරවාරි 04, 2016

    පොහොසත් සංස්කෘතික සම්ප්‍රදායන් හා මහාර්ඝ චින්තකයන් ජීවිතයේ අත්දැකීම්වල මධ්‍යයටම කිදාබැස ජාතියට මනුෂ්‍ය විශිෂ්ටත්වයේ දැක්ම ලබාදුන්නා වූ දීර්ඝ හා චිත්තාකර්ෂණීය ඉතිහාසයක් ශ්‍රී ලංකාව සතුවෙයි යැයි රාම ක්‍රිෂ්ණා සභාව නියෝජනය කරමින් ස්වාමී සර්වරූපානන්ද කුරුක්කල්තුමා නිදහස් දිනය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.


    ''ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය සිය 68 වන නිදහස් දිනය සමරන මේ ප්‍රීතිමත් අවස්ථාවේ දී රටේ සකල සහෝදරයන් හට මාගේ සුබ ප්‍රාර්ථනා පිරිනමන අතර විශේෂයෙන්ම අතිගරු ජනාධිපතිතුමන්,ඔහුගේ අමාත්‍ය මණ්ඩලය හා සකල ශ්‍රී ලංකාවාසීන් වෙත සිය ආශීර්වාද වර්ෂා වස්වන මෙන් මම සමිඳානන් යාව්ඤා කරමි.

     

    පොහොසත් සංස්කෘතික සම්ප්‍රදායන් හා මහාර්ඝ චින්තකයන් ජීවිතයේ අත්දැකීම්වල මධ්‍යයටම කිදාබැස ජාතියට මනුෂ්‍ය විශිෂ්ටත්වයේ දැක්ම ලබාදුන්නා වූ දීර්ඝ හා චිත්තාකර්ෂණීය ඉතිහාසයක් ශ්‍රී ලංකාව සතුවෙයි.

     

    ජනතාවට  සිය ආර්ථික,සමජීය, සංස්කෘතික හා ආගමික කටයුතු සාමකාමී සෞභාග්‍යවත් හා කාර්යක්ෂම විලාසයකින් ගෙන යාමට හැකිවන පරිදි ප්‍රසාදජනක හා සුවපහසු ජීවිතයක පහසුකම් ඉවතලමින් අභිරුචියෙන් හා සන්තුෂ්ටියෙන් පරිශ්‍රමයෙහි යෙදෙන්නා වූත් සැමවිට පරික්ෂාකාරී හා අවදියෙන් සිටින්නා වූත් රජයට අපගේ සිවිල් හා සමජ ජීවිතයේ සාමකාමී හා සුවපහසු ක්‍රියාකාරීත්වයණයගැති වෙයි.

     


    මේ දිනයේ දී අපි අපගේ රටේ ස්වාධීනත්වය හා ආරක්ෂාව වෙනුවෙන් තම ප්‍රාණ පරිත්‍යාග කළ සියලු දෙනා ස්මරනය කරමු. අප රටේ ඒ අභීත පුත්‍රයන් හට ප්‍රණාම දැක්වීමේ සුදුසුම විදිය වන්නේ අපදේශයේ එක්සත් බව හා ඒකාබද්ධතාව ශක්තිමත් කිරීම සඳහා සැමවිට කැපවී සිටිනා බවට අධිෂ්ඨාන කරගැනීමයි.ශ්‍රී ලංකාවකූටප්‍රාප්ත කිරීමට උපරිමෝත්සහය දරන බවට අපි සියලු දෙනාප්‍රතිඥා දෙමු.''

     

    ස්වාමී සර්වරූපානන්ද කුරුක්කල් තුමා
    රාම ක්‍රිෂ්ණා සභාව

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya