අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සාමයෙන් එකමුතුකමින් සහ සහජීවනයෙන් ද ප්‍රීතියෙන් ද ජීවත් වන සැබෑ නිදහසේ වාතාවරණයක් ගොඩනැඟීම සැමගේ වගකීමයි

    පෙබරවාරි 04, 2016

    68 වන නිදහස් දිනය සමරන මේ අවස්ථාවේ දී මෙරට ජීවත්වන සියලු ජන කොටස් සාමයෙන් එකමුතුකමින් සහ සහජීවනයෙන් ද ප්‍රීතියෙන් ද ජීවත් වන සැබෑ නිදහසේ වාතාවරණයක් ගොඩනැඟීමේ වගකීම සඳහා සියලු බේද ඉවත දමා එකට එකමුතුවීමේ අවශ්‍යතාවය ගැන සැමගේ අවධානය යොමු කරවන්නට කැමැති බව කොළඹ අගරඳගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ පවසති.


    68 වන ජාතික නිදහස් දිනය වෙනුවෙන් සුභාශිංසන පණිවුඩයක් නිකුත් කරමින් මේ බව උන් වහන්සේ පවසා සිටිති.


     කොළඹ අගරඳගුරු හිමිපානන්ගේ සුභාශිංශන පණිවුඩය

     

    ශ්‍රී ලංකා අප ආදරණීය මාතෲ භූමිය සිය 68 වන නිදහස් දිනය සමරන මේ අවස්ථාවේ දී මෙරට ජීවත්වන සියලු ජන කොටස් සාමයෙන් එකමුතුකමින් සහ සහජීවනයෙන් ද ප්‍රීතියෙන් ද ජීවත් වන සැබෑ නිදහසේ වාතාවරණයක් ගොඩනැඟීමේ වගකීම සඳහා සියලු බේද ඉවත දමා එකට එකමුතුවීමේ අවශ්‍යතාවය ගැන සැමගේ අවධානය යොමු කරවන්නට කැමැත්තෙමි.

     

     

    1948 බිතාන්‍ය යටත් විජිතවාදයේ යදම් බිඳදමා නිදහස දිනා ගැනීමට අප සමත් වූයේ එදා මෙරට සියලු ජන කොටස් එක අරමුණක පිහිටා කටයුතු කිරීම නිසා බව නොරහසකි.එදා දිනාගත් ඒ නිදහස වඩා අර්ථවත් ලෙස අප දේශයේ සංවර්ධනය උදෙසා භාවිතය කිරීමට අප අපෝහොසත් වූයේ ජාතීන් වශයෙන් සහ දේශපාලණික වශයෙන් අප අතර ඉන් පසුව ඇති වූ බේද හේතුවෙනි.එවැනි බේද ඉවතලා එකම ශ්‍රී ලාංකේය ජාතියක් ලෙස නැඟී සිටීම සඳහා එදා අප අවංකව කැප වූයේ නම අද පවතින අර්බුද ඇති නොවන්නට බොහෝදුරට ඉඩකඩ තිබුණි.

     

    සාධරණත්වය, යුක්තිය, සමානාත්මතාවය ,සත්‍ය හා සහජීවනය මත ගොඩනැඟෙන සියලු ජාතීන්ගේ සහ ආගමිකයන්ගේ අයිතිවාසිකම්, දේශයේ සංස්කෘතිය සහ සාරධර්ම සුරැකෙන සංවර්ධනයක් කරා අප දේශය ගෙන යාමට පටු ආත්මාර්ථකාමී අරමුණු පසෙකලා සියලු ආගමික හා දේශපාලන නායකයන් එකට අත්වැල් බැඳ එක අරමුණක පිහිටා කටයුතු කිරීම මේ මොහොතේ ඇති මුඛ්‍ය අවශ්‍යතාව වෙයි.ඒ උතුම් අරමුණු වෙනුවෙන් අවංකව කැප වී එකිනෙකා සතු වගකීම් හා යුතුකම් උපරිමයෙන් ඉටු කිරීම සිවිල් පුරවැසියන් සැමගේ වගකීමයි.

     


    අප මාතෘභූමිය දිනාගත් ඒ නිදහස තවදුරටත් ගොඩනැගීමේ කාර්යභරය අවංකව ඉටු කිරීමට අවශ්‍ය ශක්තිය සහ වරප්‍රසාදය අප සියල්ලන්ට ලබා දෙන්නැයි අපි දෙව් මහෝත්තමයානන්ට යාච්ඤ කරමු.අපරට වෙනුවෙන් දෙව් සමිඳුන් ඉදිරියේ මැදිහත් වන්නැයි අප දයාබර මාතාවන් වන ශ්‍රී ලංකා අප ස්වාමිදුවගෙන් ඉල්ලා සිටිමු.

     

    අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ
    කොළඹ අගරඳගුරු

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya